සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 444

චක්කපාණී

පු. අතේ චක්‍රයක් ඇත්තා, විෂ්ණු. (පි. 282)

චක්කභෙද

න. නිදහස හෝ එකඟකම නැති කිරීම. (පි. 282)

චක්කමද්දක

පු. තුවර. (පි. 282)

චක්කයුග

න. සක්යුවළ. (පි. 282)

චක්කරතන

න. චක්‍රරත්නය, සක්විති රජුගේ චක්‍රරත්නය. (පි. 282)

චක්කලක

න. මණ්ඩලය, මඬුල්ල. (පි. 282)

චක්කලා

ඉ. හීන්වම්මුතු. (පි. 282)

චක්කලික

න. ජනෙල් තිරය, තිරය. (පි. 282)

චක්කවට්ටක

න. එනම් ඝටීයන්ත්‍රය. (පි. 282)

චක්කවත්ති

පු. සක්විති රජ, චක්‍රවර්ති රජ. (පි. 282)

චක්කවන්තු

පු. කොටළුවා. (පි. 282)

චක්කව්හ

සක්වාලිහිණි. (පි. 282)

චක්කවාක

පු. සක්වාලිහිණියා. (පි. 282)

චක්කවාල

පු. චක්‍රවාටය, සක්වල. (පි. 282)

චක්කසමාරුළ්හ

ති. ඊර්‍ය්‍යාපථ චක්‍රයට නැගි. (පි. 282)

චක්කාඞ්හී

පු. කුළුරෑණ. (පි. 282)

චක්කික

පු. බොහෝ දෙනා එක්ව චක්‍රව සිට ස්තුති කරන වන්දීහු, වන්දිභට්ට බලනු. (පි. 282)

චක්කී

පු. සර්පයා. (පි. 282)

චක්ඛ

√ භු. දස්සනෙ, දැකීමෙහි, චක්ඛති, දකී.
√ භු. ව්‍යත්තවචනෙ, ව්‍යක්ත වචනයෙහි, චක්ඛති, ව්‍යක්ත ලෙස කියයි. (පි. 282)

චක්ඛු

න. ඇස, බුදුඇස, සමතැස, පැණස, මසැස, දිවැස, ධර්‍මචක්ෂුස, ශ්‍රොතාපත්ති මාර්‍ගඥානය. (පි. 282)

චක්ඛුක

පු. ඇස් ඇත්තා. (පි. 282)

චක්ඛුද්වාර

න. චක්ෂුර්ද්වාරය, චක්ෂුස. (පි. 282)

චක්ඛුමන්තු

පු. ඇස් ඇත්තා, බුදුරජ. (පි. 282)

චක්ඛුල

පු. වපර ඇසථ වපර කර බැලීම. (පි. 282)