සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 445

චක්ඛුවිඤ්ඤාණ

න. චක්ෂුර්විඥානය. (පි. 282)

චක්ඛුස්ස

ති. ඇසට සතුට ගෙන දෙන. (පි. 282)

චක්ඛුස්සව

පු. සර්පයා, සර්පයාට කන් නොමැත්තේය. චක්ෂුසටම ඇසේ, එහෙයින් චක්ඛුස්සව “චක්ඛුශ්‍රව” යයි කියත්. (පි. 282)

චඞ්කම

පු. සක්මන, සක්මන් කිරීම. (පි. 282)

චඞ්කමති

ක්‍රි. (ච+කමු √ භු. පද වික්ඛෙපෙ, ගමන්කිරීමෙහි +ති-ති) සක්මන් කෙරෙයි, ගමන් කෙරෙයි. (පි. 282)

චඞ්කමන

න. සක්මන, යාම, ගමන, පැමිණීම, සක්මන්මලුව. (පි. 282)

චඞ්කමික

ති. සක්මන් කරන පුරුද්ද ඇති. (පි. 282)

චඞ්කොර

පු. වලිකුකුළා. (පි. 282)

චඞ්ගවාර

පු. රහපෙරහන, රාපෙරණ මටුල්ල, ඔරුව. (පි. 282)

චඞ්ගොටක

පු. කරඬුව, මඤ්ජුසාව, හෙප්පුව. (පි. 282)

චච්ච

√ භු. පරිභාසන, තජ්ජනෙසු, පරිභවයෙහි හා තර්ජනයෙහි “චච්චති” බනී, තැතිගන්වයි.
√ චු. අජ්ඣයනෙ, අධ්‍යයනයෙහි, චච්චති, හදාරයි, උගෙනගනී. (පි. 282)

චච්චති

ක්‍රි. (චච්ච √ භු. පරිහාසන තජ්ජනෙසු පරිභවයෙහි හා තර්‍ජනයෙහි +ති) බණියි. (පි. 283)

චච්චර

න. මිදුල, අඞ්ගනය. (පි. 283)

චජ

√ භු. පරිච්චාගෙ, පරිත්‍යාගයෙහි, චජති, පරිච්චජති, පරිත්‍යාග කරයි. (පි. 283)

චජන

න. හැරීම, ත්‍යාගය. (පි. 283)

චජ්ජ

√ භු. පරිභාසනෙ, පරිභවයෙහි, වජ්ජති, පරිභව කරයි. (පි. 283)

චඤ්චල

ති. සැලීම, චලනය, සැලෙන. (පි. 283)

චඤ්චා

ඉ. පඹයා, විකටරූපය. (පි. 283)

චඤ්චු

න. ඉ. හොට, එරඬු.
√ භු. ගතියං, ගමනෙහි, චඤ්චති, යෙයි. (පි. 283)

චට

√ චු. භෙදෙ, බිඳීමෙහි, චටෙති, චටයති, බිඳියි.
√ භු. පරිහාසනෙ, පරිභවයෙහි, චටති, පිරිහෙලයි. (පි. 283)

චටක

පු. ගේකුරුල්ලා. (පි. 283)

චඩි

√ භු. කොපෙ, කෝපයෙහි, චණ්ඩති, කිපෙයි. (පි. 283)

චණ

√ භු. දානෙ, දීමෙහි, චණති, දෙයි. (පි. 283)

චණක

පු. කඩල, කලතණ. (පි. 283)