සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 446

චණති

ක්‍රි. (චණ √ භු. දානෙ, දීමෙහි +ති) දෙයි. (පි. 283)

චණ්ඩ

√ චු. කොපෙ, කිපීමෙහි, චණ්ඩෙති, චණ්ඩයති, කිපෙයි.
ති. දැඩි, නොසන්සි‍ඳෙන ක්‍රෝධ ඇත්තා, එරඬුගස.
√ භු. චණ්ඩික්කෙ, චණ්ඩ බැව්හි, චණ්ඩති, චණ්ඩ වෙයි. (පි. 283)

චණ්ඩක

ති. සැරපරුෂ, සැඩ. (පි. 283)

චණ්ඩාංසු

ඉ. දැඩි රැස් ඇත්තා, හිරු. (පි. 283)

චණ්ඩාල

පු. සැඩොල්, අයොගුල ක්‍රීඩාව, සැඩොලුන්ගේ හණසේදීම් ක්‍රීඩාව. (පි. 283)

චණ්ඩිකත

ති. තරහ, කොප. (පි. 283)

චණ්ඩිත්ත

න. තරහ ගතිය. (පි. 283)

චණ්ඩිභව

ති. චණ්ඩිබව, දැඩිබව. (පි. 283)

චත

√ භු. යාචනෙ, යාඥාවෙහි, චතති, ඉල්වයි. (පි. 283)

චතති

ක්‍රි. (චත √ භු. යාචනෙ, ඉල්වීමෙහි +ති) ඉල්වයි. (පි. 283)

චත්ත

ති. හරණ ලද, බැහැර කළ, ඉවත් කළ. (පි. 283)

චත්තාරීස

ඉ. සතළිස, 40. (පි. 283)

චත්තාරීසක

පු. සතළිසක් ඇති, සතළිස. (පි. 283)

චති

√ භු. හිංසායං, හිංසාවෙහි, චතති, හිංසා කරයි. (පි. 283)

චතු

පු. සතර, හතර, 4. (පි. 283)

චතුකබාපණ

න. කහවණු සතරක්. (පි. 283)

චතුක්ක

න. සතරමංසන්ධිය, මාර්‍ග සතරක් එක්වූ තැන. (පි. 283)

චතුක්කණ්ණ

න. කන්දතර, කොන්සතර, දෙදෙනෙකුට ගෝචර වූ, සතරකන් මන්ත්‍රණය, රහස් කථාව. (පි. 283)

චතුක්කභත්ත

න. භික්ෂූන් සතර නමකට දෙන දානය. (පි. 283)

චතුක්ඛත්තුං

අ. සතර වරක්, ක්ඛත්තුං බලනු. (පි. 283)

චතුකුණ්ඩික

ති. සතර ගාතෙන් නැමීම, දෙදන හා දෙවැලමිට බිම තබාගණ. (පි. 283)

චතුජ්ජාතිගන්ධ

පු. සිව්දැගඳ, කොකුම්, යොන්පුප්, (සඳුන්මල්) තුවරලා, තුරුක් තෙල් යන සිව් ජාතිය. (පි. 283)

චතුත්ථ

ති. සතරවැනි, සිව්වෙනි. (පි. 283)

චතුත්ථංස

පු. චතුර්‍ථභාගය, සතරෙන් පංගුව. (පි. 283)