සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 447

චතුපටිසම්භිදා

ඉ. සිව්පිළිසිඹියා, අර්‍ථ ධර්‍ම නිරුක්ති ප්‍රතිභාන යන සතර. (පි. 283)

චතුබ්බග්ග

පු. චතුවග්ග, සිව්දෙනෙකුගෙ සමූහය. ධර්‍ම අර්‍ථ කාම මොක්ෂ යන චතුර්වර්‍ගසම්පත. (පි. 283)

චතුබ්බිධ

ති. චතුර්විධ, සිව් ආකාර. (පි. 283)

චතුබ්බිධනාම

එකි එකී ලිඟු ඇති ද්විලිඟු ඇති තිලිඟු ඇති නාම හා අලිඟු නාමපද යන සතර. (පි. 283)

චතුභුජ

පු. අත් සතරක් ඇත්තා, විෂ්ණු. (පි. 283)

චතුර

ති. දක්ෂ, සමර්‍ථ, නිපුණ. (පි. 284)

චතුරඞ්ගතම

පු. චතුරඞ්ග කලුවර, කලුවර පක්ෂයෙහි තුදුස්වක්දින, ඝණ වනලැහැබ, මෙඝය, මධ්‍යම රාත්‍රිය යන අඞ්ග සතරින් යුත් රාත්‍රිය. (පි. 284)

චතුරඞ්ගිනීසෙනා

ඉ. අඞ්ගසතරකින් යුත් යුද්ධසෙනා, සිව්රඟ සෙනඟ, හස්ති අශ්ව රථ පාබල යන කොටස් සතරින් යුත් සේනාව. (පි. 284)

චතුරඞ්ගුල

පු. ඇසළගස, ඇඟිලි සතර. (පි. 284)

චතුරස්සක

න. කොන්=පැති සතරක් ඇති, කොන් සතරේ ඉතිරි කොට රවුල් කැපීම. (පි. 284)

චතුරස්සර

න. සිව්රැස්, පැතිසතරක් ඇති. (පි. 284)

චතුරානන

න. මූනුසතරක් ඇත්තා, බ්‍රහ්මයා. (පි. 284)

චතුරාසව

පු. කාම, භා, දිට්ඨි, අවිජ්ජා යන ආශ්‍රව සතර. (පි. 284)

චතුරොඝ

පු. කාමොඝ භවොඝ දිට්ඨොඝ අවිජ්ජොඝ යන සතර, ඔඝ බලනු. (පි. 284)

චතුරොපධි

ඉ. උපධිසතර, චතුරොඝය. (පි. 284)

චතුවෙසාරජ්ජ

න. චතුර්‍වෛසාරද්‍ය, 1. බුදුන් “සම්‍යක් සම්බුද්ධ යෙමි”යි කීකල, නැත; මේ නම් ධර්මයක් ඔබ විසින් අනභිසම්බුද්ධ යයි කියන්නට නිසි මහණෙක්, බමුණෙක්, දෙවියෙක්, මරෙක් සහ බඹෙක් ලෝකයෙහි නැත. 2. “ක්ෂීණ ශ්‍රවයෙහි”යි කීකල මෙතෙක් අශ්‍රවයෝ ඔබ විසින් අපරීක්ෂීණ යයි කියන්නට නිසි කෙනෙක් ලෝකයෙහි නැත. 3. මේ ධර්‍මයෝ ස්වර්‍ග මොක්ෂයට අන්තරාය කරහයි කීකල නැත; කිසි අන්තරායකර නොවෙතියි කියන්නට කෙනෙක් ලෝකයෙහි නැත. 4. මේ ධර්‍මයෝ නෛර්‍ය්‍යානිකහ යයි කීකල, නැත. මේ ධර්‍මයෝ අනෛර්‍ය්‍යානිකහ යයි කියන්නට නිසි කෙනෙක් ලෝකයෙහි නැත. මේ සතර කාරණයෙහි තමන්ගේ විශාරද භාවයන් ප්‍රත්‍යවෙක්ෂා කරන බුදුන්වහන්සේට උපන් සෞමනස්‍ය ඥානය චතුර්‍සෛසාරද්‍ය නම්වේ. (පි. 284)

චතුවොකාරභව

පු. සිව්වැදෑරුම් අරූප ස්කන්ධයන්ගෙන් යුත් භවය, අරූපලෝකය. (පි. 284)

චදි

√ භු. පීණනෙ, පිණායාමෙහි, චන්දති, පිණවයි, බබලයි. (පි. 284)

චන

√ භු. හිංසායං, හිංසාවෙහි, චනති හිංසා කෙරෙයි. (පි. 284)

චනං

අ. අසර්‍වග්‍රහණයෙහි. (පි. 284)

චනක

පු. කඩල. (පි. 284)

චනති

ක්‍රි. (චන √ භු. හිංසායං, හිංසාවෙහි +ති) හිංසා කරයි. (පි. 284)

චන්ද

පු. චන්ද්‍රයා, සඳු, හඳ. (පි. 284)

චන්දක

පු. සඳැස්පිල්, මොනරපිලේ පිහිටි සඳැස්. (පි. 284)