සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 448
චන්දකන්ත
පු. චන්ද්රකාන්ත පාසාණය. (පි. 284)
චන්දග්ගාහ
පු. චන්දග්රහණය. (පි. 284)
චන්දග්ගි
පු. සඳරැස්. (පි. 284)
චන්දත්ත
න. චන්ද්රභාවය, චන්ද්රයාගේ ගතිය. (පි. 284)
චන්දන
න. සඳුන්, හඳුන්. (පි. 284)
චන්දනිකා
ඉ. ගම්දොර ගවරවල. (පි. 284)
චන්දප්පභා
චන්ද්රාලෝකය, සඳරැස. (පි. 284)
චන්දභාගා
ඉ. දඹදිව පිහිටි එනම් ගංගාව. (පි. 284)
චන්දභාස
පු. කඩුව. (පි. 284)
චන්දවාලා
ඉ. එනසාල්. (පි. 284)
චන්දසෙඛර
පු. චන්දුශෙඛර, ඊශ්වරයා. (පි. 284)
චන්ද්රිකා
ඉ. චන්දප්පභාව, සඳරැස. (පි. 284)
චන්දිමන්තු
පු. චන්ද්රයා. (පි. 284)
චන්දිමසූරිය
පු. සඳ හිරු දෙදෙනා. (පි. 284)
චන්දිමා
පු. චන්ද්රයා, චන්දිමන්තු. (පි. 284)
චප
√ තු. සාන්ත්වනෙ නැලවීමෙහි.
√ භු. සාන්ත්වෙ, නැලවීමෙහි, චපති, නලවයි, සනසයි. (පි. 284)
චපති
ක්රි. (චප √ භු. සාන්ත්වෙ, නැලවීමෙහි +ති) නලවයි. (පි. 284)
චපල
ති. අවිනිශ්චිත ක්රියා කරන්නා. චංචල, ශීඝ්ර රසදිය. (පි. 284)
චපලා
ඉ. වගපුල්. (පි. 284)
චපි
√ චු. ගතියං, යාමෙහි, එම්පෙති යෙයි. (පි. 284)
චපු
න. තොල් ගැටීමේදී ඇතිවන ශබ්දයක්. (පි. 284)
චබ්බ
√ භු. අදනෙ, කෑමෙහි, චබ්බති, කයි. (පි. 284)
චමර
පු. සෙමරා, උත්තරාපථයෙහි ප්රසිද්ධ මහිෂාකාර මෘග කොටසක්, උතුමන් ඉදිරියෙහි පවන් සැලීමට ගන්නේ මේ සෙමරාගේ වාලධියයි. ටිබැට් රටේ ඇති යැක් නම් ගවයා. (පි. 285)
චමරික
පු. කොබෝලිල. (පි. 285)