සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 480

තක්කසිලා

ඉ. තක්සලා නුවර. (පි. 302)

තක්කාරි

ඉ. තිටිඟ. (පි. 302)

තක්කාල

න. ඒ කාලය, එම කාලය. (පි. 302)

තක්කික

පු. තාර්කිකයා, තර්‍ක කරන්නා. (පි. 302)

තක්කී

පු. තර්‍කකරන්නා, තර්‍කශාස්ත්‍රඥයා. (පි. 302)

තක්කෙති

ක්‍රි. තක්ක √ භු. තක්කනෙ, තර්‍ක කිරීමෙහි +ණෙ+ති) තර්‍කකරයි. (පි. 302)

තක්කොල

න. තකුල්. (පි. 302)

තක්ඛ

√ භු. සංවරණෙ, සංවරයෙහි, තක්ඛති, සංවරණය කරයි. (පි. 302)

තකි

√ භු. යාමෙහි, ඉවසීමෙහි, සිනාවෙහි, දුකසේ ජීවත් වීමෙහි, තඞ්කති, ආතඞ්කති, ආතඞ්කෙපති, දුකසේ ජීවත් වෙයි.
√ චු. බන්ධනෙ, බැඳීමෙහි, තඞ්කෙති, තඞ්කයති, බඳියි.
√ භු. දුක්ඛ ජීවනෙ, දුඃඛ ජීවිකාවෙහි, තඞ්කති, දුකින් ජීවත් වෙයි. (පි. 301)

තග

√ භු. සංවරෙ, වැසීමෙහි තගති, වසයි, අවුරයි. (පි. 302)

තග්ගරුක

ති. එය ගරුකරන්නා, එය ගරු වශයෙන් සලකන්නා. (පි. 302)

තග්ඝ

√ භු. පාලනෙ, පාලනයෙහි, තග්ඝති, පාලනය කරයි.
අ. ඒකාන්තයෙහි, එබැවින්. (පි. 302)

තගි

√ භු. ගමනෙ, ගමනයෙහි, තඞ්ගති, යෙයි. (පි. 302)

තච

පු. චර්‍මය, සම, සුඹුල්.
√ භු. සංවරණයෙහි, තචති, රකියි තචො (පි. 302)

තචසාර

පු. හුණගස. (පි. 302)

තච්චරිත

ති. එසේ හැසිරෙන ලද, එසේ හැසුරුණු. (පි. 302)

තච්ඡ

√ භු. තනුකරණෙ, තුනී කිරීමෙහි, තච්ඡති, තුනී කරයි, සසියි.
න. සැබෑතෙපුල, සත්‍යවචනය. (පි. 302)

තච්ඡක

පු. වඩුවා, සසින්නා. (පි. 302)

තච්ඡති

ක්‍රි. (තච්ඡී √ භු. තනු කරණෙ, තුනී කිරීමෙහි +ති) සසියි. (පි. 302)

තච්ඡන

න. සැසීම, තුනී කිරීම. (පි. 302)

තච්ඡනී

ඉ. වෑය, සසිනා ආයුධය. (පි. 302)

තච්ඡිත

ති. සසිනලද, සැස පු. (පි. 302)

තජ්ජ

√ චු. තජ්ජනෙ, තර්ජනයෙහි, තජ්ජෙති තැතිගන්වයි.
√ භු. භස්සනෙ, අපකාර වචනයෙහි, තජ්ජනී, තර්ජනය කරයි. (පි. 302)

තජ්ජන

න. තර්ජනය, තැති ගැන්වීම. (පි. 302)