සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 230
උක්කංසාධාන
න. උත්තම හා අතිශය භාවයන්ගේ පිහිටුවීම, උත්කර්ෂාධානය. (පි. 159)
උක්කට්ඨ
ති. උත්කෘෂ්ට, ශ්රේෂ්ඨ, උතුම්. (පි. 159)
උක්කට්ඨගොත්ත
න. උසස් ගොත්රය, පුරාණයෙහි ගොතම, මොග්ගල්ලාන, කච්චාන, වාසෙට්ඨ, ආදී ග්රෝත්රයන් ශ්රේෂ්ඨ සම්මත යයි කීහු. (පි. 159)
උක්කට්ඨජාති
න. උසස් ජාතිය, ක්ෂත්රිය හා බ්රාහ්මණය ජාතිදෙක, “උක්කට්ඨානාම ජාති ඛත්තිය ජාති බ්රාහ්මණ ජාති ති වුච්චති” (පි. 159)
උක්කට්ඨතා
ඉ. උත්කෘෂ්ට බව, ශ්රේෂ්ඨ බව, උතුම් තත්වය. (පි. 160)
උක්කට්ඨදෙසනා
ඉ. උසස් දෙසුම, උත්කෘෂ්ට දේශනාව, කෙළෙස් නැති කිරීමට සමත් දෙසුම. (පි. 159)
උක්කට්ඨනාම
න. උසස් නම්, ශ්රේෂ්ඨ නාමයන්, “උක්කට්ඨංනාමං නාම බුද්ධපටිසඤ්ඤුත්තං ධම්මසංඝ පටිසඤ්ඤුත්තං” (පි. 159)
උක්කට්ඨනිද්දෙස
පු. උසස්ම දැක්වීම, උතුම් හැඳින්වීම. (පි. 160)
උක්කට්ඨපත්ත
න. ප්රමාණයෙන් ලොකු පාත්රය, නව වැදෑරුම් පාත්රයන්ගෙන් එකක්, දෙනැලියක් බත් හා ව්යාඤ්ජනාදියෙන් පිරෙන මහ පාත්රයක්. (පි. 160)
උක්කට්ඨපරිච්ඡෙද
පු. උතුම් කොටස, ශ්රේෂ්ඨ පරිච්ඡේදය. (පි. 160)
උක්කට්ඨලිඞ්ග
න. උසස් ස්වභාවය, උත්කෘෂ්ට ලිඞ්ගය, “නාතිරස්සං නාතිකණ්හං නාච්චෝදාතං එතං උක්කට්ඨං නාම ලිඞ්ගං.” (පි. 160)
උක්කට්ඨසත්ත
පු. උසස් සත්ත්වයෝ, මනුෂ්ය දිව්ය බ්රහ්මයෝ, “දෙවමනුස්සාදයො උක්කට්ඨ සත්තා නාම.” (පි. 160)
උක්කට්ඨසිල්ප
න. උසස් ශිල්පය, මුද්රා ශිල්පය, ගණිත ශිල්පය, ලේඛන ශිල්පාදිය උසස් ශිල්ප ගණයට වැටේ. (පි. 160)
උක්කට්ඨා
ඉ. එනම් නුවර, “උක්කට්ඨායං විහරති සුභගවනෙ සාළරාජමූලෙ.” (පි. 160)
උක්කට්ඨාබාධ
පු. වේදනාවක් නැති ආබාධය, මධුමෙහය, “සබ්බෙපි ආබාධාහීනා, අපිච මධුමෙහො උක්කට්ඨො ආබාධො.” (පි. 159)
උක්කට්ඨිත
ති. තැම්බූ, තවන ලද, “උදපත්තෙන අග්ගිනා සන්තත්තො උක්කට්ඨිතො.” (පි. 160)
උක්කඩ්ඪ
ති. කූඩු, ඉදිරියට ඇද්ද, ඡේදනය කළ. (පි. 160)
උක්කඩ්ඪති
ක්රි. (√ උ+කඩ්ඪ - කඩ්ඪනෙ, ඉදිරියට ඇදීමෙහි කැඩීමෙහි +ති), ඉදිරියට අදියි, කඩයි, සිඳියි. (පි. 160)
උක්කඩ්ඪන
න. ඉදිරියට ඇදීම, ඉහලට ඇදීම. (පි. 160)
උක්කඩ්ඪමාන
පු. ඉදිරියට අදිනු ලබන, “උක්කඩ්ඪමානා විසිඛා සමීපං පරම්මුඛාවෙව සදා පවත්තා.” (පි. 160)
උක්කඩ්ඪියති
ක්රි. උඩට අදිනු ලැබේ, ඉදිරියට ගනු ලැබේ (පි. 160)
උක්කණ්ඨතා
ඉ. කලකිරීම් ස්වභාවය, උකටලීවීම් ස්වභාවය. (පි. 160)
උක්කණ්ඨන
න. කළකිරීම, උකටලී වීම. (පි. 160)
උක්කණ්ඨා
කළකිරීම, උකටලී වීම. (පි. 160)