සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 229
ඊසති
ක්රි. (ඊස √ භු. පධානභාවෙ, ප්රධානබැව්හි +ති), ප්රධාන කෙරෙයි. (පි. 158)
ඊසදත්ථ
පු. අල්පාර්ථය, ස්වල්පය යන අර්ථය. (පි. 158)
ඊසධර
පු. සප්තකූට පර්වතයන්ගෙන් එකක්, එනම් පර්වතය යොදුන් 20,000ක් උස ඇතැයි කියනු ලබන ඊසධර පර්වතය. (පි. 158)
ඊසම්ඵුට්ඨ
න. (ඊස+ඵුස=ඵුට්ඨ), ඊෂත්ස්පෘෂ්ටය, යරලව යන අන්තස්ථාක්ෂරයන්ගේ කරණ විශේෂය. (පි. 159)
ඊසා
ඉ. නගුලිස, නගුලිස් දණ්ඩ, රථ හිස. (පි. 159)
ඊසාක
නගුලිසක් ඇත්තා. (පි. 159)
ඊසාදන්ත
පු. රියහිසක් මෙන් නැමුණු දත් ඇත්තා, මඳක් නැමුණු දත් ඇත්තා, රියහිස් වන් දළ ඇති, “ඊසා-දන්තස්ස හත්ථිනො” (පි. 159)
ඊසාන
පු. ඊශ්වරයා, ඉසානාධිපතිය, එම දිශාව. (පි. 159)
ඊසිකා
ඉ. ගොබය, කාණ්ඩය, “මුඤ්ජම්හා ඊසිකං පවාහෙය්ය” (පි. 159)
ඊසිතා
අනුන් වසඟ කරගෙන අධිපතිකමින් සිටීම.
ඉ. තම වසඟ බව, ප්රධාන භාවය, ඊශ්වර භාවය, අෂ්ට සිද්ධීන්ගෙන් එකක්. (පි. 159)
ඊහ
(√ භු. විතක්කෙ-වෙතායං, විතර්කයෙහි, උත්සාහයෙහි), ඊහති විතර්ක කරයි-වීර්ය්ය කරයි. (පි. 159)
ඊහති
ක්රි. (√ භු. විතක්කෙ, විතර්කයෙහි +ති), විතර්ක කරයි. (පි. 159)
ඊහා
ඉ. වීර්ය්යය, උත්සාහය, ව්යාපාර කටයුතු කිරීමේ උත්සාහය. (පි. 159)
ඊහාමිග
පු. වෘකයා, ව්යාඝ්රයා. (පි. 159)
ඊහායුත්ත
න. ඊහා සංඛ්යාත වීර්ය්යයෙන් යුක්තවීම, ඊහා නම් වීර්ය්යයයි. (පි. 159)
ඊළ
(√ භු. ථුතියං, ස්තුති කිරීමෙහි), ඊළති, ස්තුති කරයි. (පි. 159)
ඊළති
ක්රි. (ඊළ √ භු. ථුතියං, ස්තුති කිරීමෙහි +ති), ස්තුති කෙරෙයි, තුටු කෙරෙයි. (පි. 159)
උ
පු. දුක්ඛ, ප්රතිෂෙධ රොගමුක්ති, ගමන, යුක්ති, හැඟීම් යන මෙහි.
√ භු. සද්දෙ, ශබ්ද කිරීමෙහි, අවති, ශබ්ද කෙරෙයි.
අ. උර්ධ්වංගම වියොග, ආත්මලාභ, තෘප්ති සමෘද්ධි, ප්රාදුර්භාව, දොෂාභාව, ප්රබලත්ව, කථන ශක්ති, මොක්ෂ, ඊශ්වරාර්ථ, අභාවකර්ම, ඌර්ධ්වකර්ම, යනාදී අර්ථවල යෙදෙන උපසර්ගයක්, පාලි භාෂාවේ පස්වෙනි ස්වරය. (පි. 159)
උකලාප
පු. කසල, කුණු, රොඩු. (පි. 161)
උක්ක
පු. දොම්නස, නොසතුට, උදුන, කඹුරු උදුන. (පි. 159)
උක්කංස
පු. අතිශය, ප්රකර්ෂය, උඩත් පිරිස, ඌර්ධ්ව පරිච්ඡේදය. (පි. 159)
උක්කංසක
පු. නැගී සිටින්නා, උසස්ව සිටින්නා. (පි. 159)
උක්කංසති
ක්රි. (උ+කංස √ භු. ගතෙ, යාමෙහි +ති), උසස් කෙරෙයි, වර්ණනා කෙරෙයි. (පි. 159)
උක්කංසනා
ඉ. උසස් කිරීම, නැගී සිටවීම. (පි. 159)