සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 228
ඉළෙති
ක්රි. (චු. √ වසෙ-විසීමෙහි, ණෙ+ති), වසයි. (පි. 158)
ඊ
(√ භු. ගතියං ගමන්හි), එති, එයි.
ඉ. ලක්ෂ්මී, ශ්රී, ප්රේමනීය වචන, පාලි භාෂාවේ 4 වැනි ස්වරය. (පි. 158)
ඊඝ
පු. වෙව්ලීම, වෙව්ලන ගතිය. (පි. 158)
ඊජ
(√ භු. ගතියං, ගමන්හි) ඊජති, යෙයි, ගමන් කෙරෙයි. (පි. 158)
ඊජි
(√ භු. ගතිනින්දාසු, ගමන්හි - නින්දාවෙහි) ඊඤ්ජති, නින්දා කෙරෙයි. (පි. 158)
ඊඩ
(√ භු. ථවණෙ, තුතිකිරීමෙහි) ඊඩතෙ, තුති කෙරෙයි. (පි. 158)
ඊති
ඉ. උවදුර, විපත. (පි. 158)
ඊතික
ති. උවදුරු සහිත, විපත්ති දායක. (පි. 158)
ඊතිකා
ඉ. උපද්රවය, විපත්තිය, උවදුර, “සායං දිසා සභයා සඊතිකා ස උපද්දවා.” (පි. 158)
ඊදි
(√ චු. සන්දහනෙ, ගලපීමෙහි), ඊදෙති, ඊදයති, ගලපයි. (පි. 158)
ඊදික්ඛ
ති. මේ ආකාර වූ, මෙබඳු වූ. (පි. 158)
ඊදිස
ති. මෙබඳු වූ, මෙවැනි, මෙයාකාර, “ඊදිසො තෙ ආවුසො රොගොති” (පි. 158)
ඊර
(√ චු. ඛෙපනෙ, දැමීමෙහි), ඊරෙති, ඊරයති, දමයි.
(√ භු. වචනෙ, ගතිකම්පනෙ, කීමෙහි කම්පාවීමෙහි), ඊරති, කම්පාවෙයි, කියයි. (පි. 158)
ඊරණ
න. ඉසවීම, ඉස්සීම. (පි. 158)
ඊරණක්ඛම
පු. ඉසවිය හැකි බව, නගාලිය හැකි බව. (පි. 158)
ඊරිණ
න. කාන්තාරය, නිසරු බිම, මරු කතර. (පි. 158)
ඊරිත
ති. කියන ලද, දමන ලද, ඔතන ලද. (පි. 158)
ඊරිස
ති. මෙබඳු, මෙවැනි. (පි. 158)
ඊස
පු. ඉසුරු ඇත්තා, ඊශ්වරයා.
(√ භු. හිංසාගතිදස්සනෙ, හිංසාගති දැක්මෙහි), ඊසති, හිංසා කරයි.
(√ භු. ඉස්සරියෙ, ඉසුරෙහි), ඊසති, ඉසුරු දෙයි. (පි. 158)
ඊසං
අල්පාර්ථයෙහි, මන්දාර්ථයෙහි අව්යයක්, ටික (පි. 159)
ඊසංපණ්ඩු
පු. මඳක් පඬු පැහැය, මඳරත, ලා රත. (පි. 159)
ඊසක
ති. මදක්, ස්වල්පයක්, ටිකක්.
පු. දණ්ඩ, ධ්රැවය, යාර 5½ ක් දිග මිම්ම. (පි. 158)
ඊසකං
අ. මන්දාර්ථය දක්වන අව්යයක්, “ඊසකං අනිවත්තන්තං” (පි. 158)
ඊසත්ථ
පු. ඊෂදර්ථය, මඳක් යන අරුත. (පි. 158)