සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 227
ඉසි
(√ භු. ගතියං, යාමෙහි), ඉසති, යෙයි.
පු. ඍෂියා, තාපසයා, ශ්රමණයා. (පි. 156)
ඉසිකා
ඉ. බට වර්ගයක්. (පි. 156)
ඉසිගිලී
පු. රජගහනුවර පිහිටි එනම් පර්වතය. (පි. 156)
ඉසිඩි
(√ භු. මද්දනෙ, මැඩීමෙහි), ඉසිණ්ඩති, මඩියි. (පි. 156)
ඉසිත්ත
න. ඍෂී භාවය. (පි. 157)
ඉසිනිසහ
පු. උත්තම ඍෂියා, බුදුරජ. (පි. 157)
ඉසිපතන
න. බරණැස ඉසිපතනාරාමය, ගන්ධමාදන පර්වතයෙන් වඩනාවූද ඒ පර්වතයට වඩනාවූද පසේබුදු ඍෂීන්ගේ පතන උත්පතනය ඇති වූ මෘගදාය, ස්ථානය ඍෂීන්ගේ පතනොත්පතනය වන බැවින් ඉසිපතන නම් වේ (පි. 157)
ඉසිපබ්බජ්ජා
ඍෂිප්රව්රජ්යාවෙන් පැවිදිවීම, ඍෂිප්රව්රජ්යාව (පි. 157)
ඉසිප්පයාත
පු. ඍෂීන් විසින් පැමිණෙන ලද. (පි. 157)
ඉසිභාසිත
න. ඍෂී භාසිතය, ඉසිවරුන් විසින් කියූ දෙය. (පි. 157)
ඉසිවාත
පු. ඍෂීන්ගේ වාතය, ඍෂීන් නිසා හටගත් වාතය. (පි. 157)
ඉසිවාතපටිවාත
පු. ඍෂීන්ගේ ගමනාගමනයෙන් හටගත් වාතය, බොහෝ භික්ෂුන්ගේ ගමනාගමනය නිසා හටගත් වාතය ඇති. (පි. 157)
ඉසිසඛ්ය
පු. ඍෂි සමූහයා, භික්ෂු සමූහයා, “ඉසිසඛ්ය නිසෙවිතං” (පි. 157)
ඉසිසත්තම
පු. සත්වැනි ඍෂියා, ගෞතම බුදුන්, විපස්සි, සිඛී, වෙස්සභු, කකුසඳ, කොනාගමන, කාශ්යප යන බුදුවරයන් වහන්සේලාට සත්වැනිව උපන් ගෞතම බුදුරජ. (පි. 157)
ඉසීකා
ඉ. ඉසිකා බලනු. (පි. 157)
ඉසු
√ භු. ඉච්ඡායං, කැමති වීමෙහි, ඉච්ඡති, කැමතිවෙයි. (පි. 157)
ඉසුකාර
පු. දුනුවායා, ධනුර්ධරයා. (පි. 157)
ඉහ
අ. මෙහි යනාර්ථයෙහි, මෙලොව, මේ ලෝකය.
පු. හස්තියා, ඇතා, අලියා. (පි. 158)
ඉහපිප්ඵලී
ඉ. ඇත්වගපුල්, මහවගපුල්. (පි. 155)
ඉහලොක
පු. මේ ලෝකය, මේ භවය, මේ ජාතිය, මේ ජාතිය පිලිබඳ. (පි. 158)
ඉහලොකපරලොක
පු. මෙලොව පරලොව. (පි. 158)
ඉහලොකික
පු. න. මෙලොව ලැබිය යුතු අර්ථය, මෙදා වින්දයුතු පලය. (පි. 158)
ඉහව
පු. දෙවියා, දෙවතාවා. (පි. 155)
ඉළ
(√ චු. ථවෙ, තුති කිරීමෙහි), ඉළෙති, ස්තුති කරයි.
√ චු. විසීමෙහි හා වස්ත්ර හැඳීමෙහි, ඉළෙති, ඉළයති, වසයි, හඳියි. (පි. 158)