සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 226

ඉස්සමාන

ති. ඊර්ෂ්‍යා කරණු ලබන්නේ, ක්‍රෝධ කරණු ලබන්නේ. (පි. 157)

ඉස්සර

පු. මහ දෙවියා, නායකයා, අධිපතියා. (පි. 157)

ඉස්සරකත

පු. ඊශ්වරයා විසින් කරන ලද. (පි. 157)

ඉස්සරනිම්මාණ

න. ඊශ්වර නිර්‍මාණය, බ්‍රහ්ම, මහේෂ්වර ආදී දෙවියෙක් විසින් ලෝකය මවන ලදැයි සිතීම‍. (පි. 157)

ඉස්සරනිම්මාණවාද

න. ඊශ්වර දෙවියන් විසින් ලොව මවන ලද්දේය මතය-වාදය, ඊශ්වර නිර්‍මාණ වාදය. (පි. 157)

ඉස්සරාධිපච්ච

න. ඓශ්චර්‍ය්‍යය හා අධිපති භාවය. (පි. 157)

ඉස්සරිය

න. ඓශ්චර්‍ය්‍යය, ඉසුරු, උපභොග පරිභොග සම්පත්තිය, ප්‍රධානත්වය. (පි. 157)

ඉස්සරියතා

ඉ. ඓශ්චර්‍ය්‍යභාවය, ඉසුරුමත්බව. (පි. 157)

ඉස්සරියාධිපච්ච

න. ඓශ්චර්‍ය්‍යය හා අධිපති භාවය. (පි. 157)

ඉස්සා

ඉ. ඊර්‍ෂ්‍යාව, නොඉවසීම, අනුන්ගේ යස ඉසුරු දැක නොඉවසීම. (පි. 157)

ඉස්සාපකත

ති. ඊර්ෂ්‍යාවෙන් වඩනාලද, “ථුල්ලනන්දා භික්ඛුණී ඉස්සාපකතං.”
පු. ඊර්ෂ්‍යාවෙන් කරන ලද, ඊර්ෂ්‍යාවෙන් ජයගත්. (පි. 157)

ඉස්සාමච්ඡරිය

න. ඊර්ෂ්‍යාව හා මසුරුකම. (පි. 157)

ඉස්සාමල

න. ඊර්ෂ්‍යා නැමැති කෙලෙස් මල, කිලුට. (පි. 157)

ඉස්සාමිංග

න. ඉස්සාමිග මුව ජාතියේ මුව අං අත්ත. (පි. 157)

ඉස්සාමිග

පු. ශ්‍රේෂ්ඨ මුවජාතියක්. (පි. 157)

ඉස්සායනා

ඉ. ඊර්ෂ්‍යාව. (පි. 157)

ඉස්සායිතත්ත

පු. ඊර්ෂ්‍යාභාවය. (පි. 157)

ඉස්සාලු

පු. (ඉස්සා+ආලු) ඊර්ෂ්‍යා ඇත්තා. (පි. 157)

ඉස්සාවතිණ්ණ

පු. ඊර්ෂ්‍යාවට බට, ඊර්ෂ්‍යාව තීර්‍ණවූ. (පි. 157)

ඉස්සාස

පු. දුන්න, දුනුවායා, ධනුර්ධරයා. (පි. 158)

ඉස්සාසංයොජන

න. ඉස්සා සංයෝජනය, දශසංයොජනයන්ගේ එකක්. (පි. 158)

ඉස්සාසී

පු. දුනුවායා, දුනු ඇත්තා. (පි. 158)

ඉස්සිත

ති. ඊර්ෂ්‍යා කළ. (පි. 158)

ඉස්සුකී

පු. ඊර්ෂ්‍යා ඇත්තා, ඊර්ෂ්‍යා කරන්නා, “ඉස්සුකී ව. හොති ඉස්සාලෙඤ්වස්ස අප්පහීතං හොති.” (පි. 158)