සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 225

ඉරියති

(√ භු. වත්තතෙ, පැවැත්මෙහි +ති), පවතී. (පි. 156)

ඉරියා

ඉ. චර්‍ය්‍යාව, පැවැත්ම. (පි. 156)

ඉරියාපථ

පු. ඊර්‍ය්‍යාපථය, ගමනාදී ඉරියව් හතර. (පි. 156)

ඉරියාපථංවිකොපෙය්‍ය

ක්‍රි. (වි+කුප √ +එය්‍ය), ඉරියව් වෙනස් කරන්නේය, යමින් සිටියහු ඒ යෑම නවත්වන්නේය. (පි. 156)

ඉරියාපථචරියා

ඉ. ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යාව, සතර ඉරියව් වලින් හැසිරීම. (පි. 156)

ඉරියාපථපුච්ඡා

ඉ. ඉරියව් විචාරීම, සිව්ඉරියව්වෙන් කවර ඉරියව්ව්වක්දැයි විචාරීම. (පි. 156)

ඉරියාපථමද

න. ඉරියවූමදය, මාගේම ඉරියව්වට පැහැදේවායි ඇතිවන මදය, සත්විසිමදයෙන් එකක්. (පි. 156)

ඉරියාපථවිහාර

න. ඉරියව් විහරණය, හිඳීම්, සිටීම් ආදී කායික ක්‍රියාව, සිව් විහරණයන්ගෙන් එකක්. (පි. 156)

ඉරියාපථසම්පන්න

ති. ඉරියව්වෙන් සම්පූර්‍ණව, සම්පූර්‍ණවූ ඉරියව් ඇති, යෑම හා පෙරළා ඊම සතුටු උපදවන එකක් වීම, “ඉරියාපථසම්පන්නො භික්ඛු සබ්බෙසං චිත්තාරාධනං කරොති” (පි. 156)

ඉරීණ

න. නිරසවූ භූමිදේශය, කරමැටිබිම. (පි. 156)

ඉරීය

පු. ප්‍රයෝගය, උපක්‍රමය.
(√ තු. පැවැත්මෙහි +ති ඉරීයති), පවතී. (පි. 156)

ඉරීයතා

ඉ. පැවැත්ම, චර්‍ය්‍යාව. (පි. 156)

ඉරීයති

ක්‍රි. (√ ඉරීය+ති), පවතී. (පි. 156)

ඉරු

ඉ. ඍක් වෙදය. (පි. 156)

ඉරුබ්බෙධ

පු. ඍක් වෙදය. (පි. 156)

ඉල

√ චු. පෙරණ, මෙහෙයීමෙහි, ඉලෙති, ඉලයති, මෙහෙයයි.
√ තු. කම්පායං, කම්පාවෙහි, ඉලති, කම්පාවෙයි.
√ භු. ගතියං, යාමෙහි, එලති, යෙයි. (පි. 156)

ඉලලී

ඉ. කරවාල නම් ආවුධ විශේෂය, කයිසරඬුව, එකපැත්ත කැපෙන කුඩා කඩුව. (පි. 156)

ඉලලීයිතුං

ක්‍රි. වි. මෙහෙයවීම සඳහා, මෙහෙය වීමට. (පි. 156)

ඉව

අ. වැනි, සමාන, වාගේ. (පි. 156)

ඉස

(√ කි. පරියෙසණෙ, නිරන්තරයෙහි, නැවත නැවත යනාර්‍ථයෙහි), ඉස්නාති, නිතර කරයි.
පු. කාළ සිංහයා.
(√ භු. උඤ්චෙ, පිඬුසිඟීමෙහි), එසති, පිඬුසිඟයි.
(√ භු. පරියෙසනෙ, සෙවීමෙහි), එසති, ඉසති, සොයයි. (පි. 156)

ඉස්ස

√ භු. ඉස්සායං, ඊර්ෂ්‍යාවෙහි, ඉස්සති, ඊර්ෂ්‍යා කරයි.
පු. කළුසිංහයා, කාලසිංහ, වළසා, “ඉස්ස එන්දනානං විය.” (පි. 157)

ඉස්සත්ථ

පු. උසස් ඨානාන්තරය, ඊශ්වර භාවය, ආයුධ ගෙන කරන සේවය, ආයුධ ශිල්පය, “යදි කසියා යදි වර්‍ණජ්ජාය යදි ඉස්සත්ථෙන.” (පි. 157)

ඉස්සත්ථක

පු. දුනුවායා, ආයුධ ශිල්පියා. (පි. 157)

ඉස්සති

ක්‍රි. (ඉස්ස √ භු. ඉස්සායං, ඊර්ෂ්‍යාවෙහි +ති) ඊර්ෂ්‍යා කරයි. (පි. 157)