ඉස
isa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඔළුව; හිස.
2. නා. මුදුන; ඉහළ කෙළවර.
3. නා. නඟුලෙහි දික් අතට යොදා ඇති වියගහ බඳින ලීය.
4. නා. අනුන්ගේ යස ඉසුරු නොඉවසන ස්වභාවය; ඊර්ෂ්යාව.
4. නා. කැමැත්ත.
6. නා. රසය; ඉස්ම.
පූර්ව.ක්රි. ඉස; ඉසීමේ ධාතුවෙහි පූර්ව රූපය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
(√ කි. පරියෙසණෙ, නිරන්තරයෙහි, නැවත නැවත යනාර්ථයෙහි), ඉස්නාති, නිතර කරයි.
පු. කාළ සිංහයා.
(√ භු. උඤ්චෙ, පිඬුසිඟීමෙහි), එසති, පිඬුසිඟයි.
(√ භු. පරියෙසනෙ, සෙවීමෙහි), එසති, ඉසති, සොයයි. (පි. 156)