සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 277

ඉෂ්ටසූචක

වි. ශුභ හෙවත් යහපත පවසන; ශුභ ප්‍රාර්ථනාත්මක.

ඉෂ්ටානිෂ්ට

වි. යහපත්, අයහපත්; කැමති හා අකමැති; හිතාහිත; ශුභාශුභ.

ඉෂ්ටානුභූතිය

නා. ප්‍රසන්න නොහොත් ප්‍රියජනක විඳීම; සුඛානුභවය.

ඉෂ්ටාරම්මනය

නා. ප්‍රියජනක නොහොත් ශුභ අරමුණ; අභිමත අරමුණ.

ඉෂ්ටාර්ථ සංසිද්ධිය

නා. අභිමත අරමුණ සපුරා ඉටුවීම හෙවත් සාක්ෂාත් කරනු ලැබීම.

ඉෂ්ටාර්ථ සාධක

වි. අභිමත අරමුණ ඉටු කරන හෙවත් සාක්ෂාත් කරන; කැමති කැමති වස්තු දෙන.

ඉෂ්ටාර්ථ සිද්ධිය

නා. අභිමත අරමුණ ඉටු වීම හෙවත් සාක්ෂාත් කරණය.

ඉෂ්ටාර්ථය

නා. අභිමත කාරණය; පතන ලද්ද; අභිප්‍රේත අරමුණ.

ඉෂ්ටාර්ථසූචක

වි. අභිප්‍රේත නොහොත් අරමුණ පවසන; ඉෂ්ටාර්ථ සිද්ධිය අඟවන.

ඉෂ්ටාලම්බනය

නා. (අභි.) ප්‍රියජනක හෙවත් ශුභ අරමුණ; අභිමත අරමුණ.

ඉෂ්ටාශංසනය

නා. අභිමත දේ පැතීම; ශුභ පැතීම; ආශීර්වාද කිරීම.

ඉෂ්ටි

1. නා.ප්‍ර. පැතුම; ආශාව.
2. නා.ප්‍ර. යාගය.
3. නා.ප්‍ර. ගඩොල්.
4. (ක්‍රිස්ති.) නා.ප්‍ර. හෙල්ල; ලංසය.

ඉෂ්ටිකාඡදන

නා.ප්‍ර. උළු වහල.

ඉෂු

1. නා.ප්‍ර. ඊතලය; ශරය.
2. (ජ්‍යෝති.) නා.ප්‍ර. නැකැත් යෝගයක නාමය.

ඉස

1. නා. ඔළුව; හිස.
2. නා. මුදුන; ඉහළ කෙළවර.
3. නා. නඟුලෙහි දික් අතට යොදා ඇති වියගහ බඳින ලීය.
4. නා. අනුන්ගේ යස ඉසුරු නොඉවසන ස්වභාවය; ඊර්ෂ්‍යාව.
4. නා. කැමැත්ත.
6. නා. රසය; ඉස්ම.
පූර්ව.ක්‍රි. ඉස; ඉසීමේ ධාතුවෙහි පූර්ව රූපය.

ඉස ඇම්ම

නා. ඉසේ කැක්කුම; ඉසරුදාව; ඉසරදය.

ඉස කඩ

1. නා. ඉසේ බඳින රෙදි කඩ; හිස් වෙළුම; තලප්පාව; ජටාව.
2. නා. ඇඳක ඉස පැත්තේ කකුල්වලට සවි කරන ලදුව ඇඳ වියලෙන් උඩට නෙරූ, ලෑල්ල; ඉස්ලෑල්ල.

ඉස ගල්වනවා

ක්‍රි. හිසෙහි තෙල් ආදිය ගානවා.

ඉස ගසනවා

ක්‍රි. හිස කපා දමනවා; ශීර්ෂච්ඡේදනය කරනවා.

ඉස ගැල්ලුම

නා. ඉස ගල්වන බේත; හිසෙහි ගාන ඖෂධීය ආලේපය.

ඉසකුඩිච්චිය

නා. මොළය සිහිල් වීමට හිසේ ගල්වන සිසිල් ඖෂධීය ආලේප විශේෂයක්.

ඉසකෙයා දුන්න

නා. ඔරලෝසුවක දෝලන චක්‍රය පාලනය කරන සිහින් දුන්න (=balance wheel).

ඉසකෙස්

නා.ප්‍ර.බහු. හිස වසා තිබෙන සමෙහි ඇති කූපයන්ගෙන් පටන්ගෙන වැඩෙන ලෝම; ඉසකෙයියා.

ඉසකෙස් වැටිය

නා. කේශ කලාපය; කෙස් වැටිය.