සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 276
ඉවුම් පිහුම්
නා.බහු. කෑම ඉවීම; ආහාර පිසීම; සූප ශාස්ත්‍රය.
ඉවුර
නා. ගං හෝ ඇළ, දොළ, වැව් පොකුණු ආදියෙහි ස්වාභාවික හෝ කෘත්‍රිම හෝ කණ්ඩිය; තෙර; වෙරළ; බැම්ම.
ඉවුරස
නා. ඉවුර සමීපය; ගඟ අසබඩ.
ඉවුරු බිම
නා. ගඟබඩ ප්‍රදේශය.
ඉවුරුබඩ
නා.ප්‍ර. ඉවුර සමීපය; ඉවුර ආසන්නය.
ඉවුසාල්
නා.ප්‍ර. තම්බාපු හාල්; තැම්බූ වීයෙන් කොටා ගන්නා සහල්.
ඉෂ්ට
වි. කැමති; ප්‍රිය මනාප; රුචි වූ; අභිමත; ශුභ; යහපත්.
1. නා.ප්‍ර. කැමැත්ත; රුචිය; අභිමතය; කැමති දෙය.
2. නා.ප්‍ර. යහපත; ශුභ සිද්ධිය.
ඉෂ්ට කරනවා
ක්‍රි. (යමක්) ඉටු කරනවා; කර දෙනවා; ලබා දෙනවා.
ඉෂ්ට කාමිනිය
නා. යම් කෙනකුට හිතැති කාන්තාව.
ඉෂ්ට කාලය
1. නා. අභිමත කාලය; සුදුසු කාලය.
2. නා. උත්පත්ති කාලය.
ඉෂ්ට දේවතාවා
නා. (විශේෂයෙන් වැඳුම් පිදුම් කරනු ලබන) අභිමත දෙවියා; ආරක්ෂක දෙවියා; ඉටු දෙවියා; යහපත ළඟා කර දෙන දෙවියා.
ඉෂ්ට ප්‍රයෝගය
නා. ශුභ කටයුත්ත; ශුභ කාර්යය.
ඉෂ්ට මිත්‍රයා
නා. ප්‍රිය මනාප යහලුවා; හිතවත් මිතුරා; හිතවැඩ සලසන මිතුරා; කල්‍යාණ මිත්‍රයා.
ඉෂ්ට රූපය
නා. ප්‍රසන්න වූ රූපය; යහපත් රුව.
ඉෂ්ට විපාකය
නා. යහපත් ප්‍රතිඵලය; ශුභ ඵලය; ආනිශංසය.
ඉෂ්ට විෂයය
නා. අභිමත කාර්යය.
ඉෂ්ට වෙනවා
1. ක්‍රි. ප්‍රිය වෙනවා; අභිමත වෙනවා; මනාප වෙනවා; යහපත් හෙවත් ඵලදායි වෙනවා.
2. ක්‍රි. සිද්ධ වෙනවා; ඉටු වෙනවා; සමෘද්ධ වෙනවා.
ඉෂ්ට සිද්ධිය
නා. අභිමත අරමුණු ඉටුවීම; සැප සම්පත් ලැබීම; සෞභාග්‍යය.
ඉෂ්ටකා
නා.ප්‍ර. උළු කැටය; ගඩොල.
ඉෂ්ටකාමී
වි. හිත වැඩ කැමති; අර්ථ සාධක.
ඉෂ්ටගණ
නා.ප්‍ර. (ඡන්ද.) ශුභ ගණ; අට ගණය අතුරින් ම, න, බ, ය යන ගණ සතර; භූමි, දේව, චන්ද්‍ර සහ ජල යන ගණ සතර.
ඉෂ්ටදායක
වි. යහපත් දේ හෙවත් කැමති දේ දෙන; සිතූ පැතූ දේ දෙන.
ඉෂ්ටඵල
නා.ප්‍ර. යහපත් අනුසස්; ශුභ විපාක.
ඉෂ්ටරාශි
(පාරිභා.) නා.ප්‍ර. පොදු හරයකට පමුණුවන ලද භාග ගණන්.