සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 231

උක්කණ්ඨි

ක්‍රි. (උ+කඨ √ භු. සොසන පා කෙසු, වියලීමෙහි පිසීමෙහි +ඊ), කළකිරුණේය. (පි. 160)

උක්කණ්ඨිතා

ඉ. උකටලී ස්වභාවය, කලකිරුණු ගතිය. (පි. 160)

උක්කණ්ඪති

ක්‍රි. (උ+කඨ √ භු. සොසන පාකෙසු, වියලීමෙහි පිසීමෙහි +ති), කළකිතිය. (පි. 160)

උක්කණ්ණ

ති. උඩුකුරුව තැබූ කන් ඇති. (පි. 160)

උක්කණ්ණක

පු. උඩුකුරුව තැබූ කන් ඇත්තා, හිවලුන්ට සෑදෙන එනම් රෝග විශේෂය. (පි. 160)

උක්කති

ඉ. අකුරු විසිහයකින් යුත් උත්කෘති නම් ඡන්දස. (පි. 159)

උක්කන්තති

ක්‍රි. (උ+කන්ත, √ භු. කන්තනෙ, කැපීමෙහි +ති), කපයි, ඉරයි. (පි. 160)

උක්කන්තිත

ති. කපා දැමූ, ඉරාපු. (පි. 160)

උක්කන්තිත්වා

පු.ක්‍රි. (උ+කන්ත+ඉ+ත්වා), කපා, සිඳ, “ඌරුමංසං උක්කන්තිත්වා දාසියා අදාසි.” (පි. 160)

උක්කපිණ්ඩක

ඉ. එනම් පණු විශේෂය. (පි. 160)

උක්කපිණ්ඩකා

පු. බළල්, මී, මුගටි, ගොයි ආදීහු. (පි. 160)

උක්කමති

ක්‍රි. (√ භු. කමු. පදවික්ඛෙපෙ, පාද වික්ෂේපයෙහි +ති), බැහැර යෙයි. (පි. 160)

උක්කමන

න. නික්මීම, ඉවත යාම, පැන යාම. (පි. 160)

උක්කල

පු. උක්කල නම් ජනපද වැසියා, බර ගෙනයන්නා, වැඩකාරයා. (පි. 160)

උක්කා

ඉ. කඹුරු උදුන, ගිනි කබල, ගිනි සුල, තරළුවන්ගේ කෝවය, ධාතු වේගය, විලක්කුව, දඬුවැට, දඬුවැට පහන්, අඟුරු කබල, උල්කා, “උක්කංච පටිච්ච ලොණංච පටිච්ච.” (පි. 160)

උක්කාචන

න. උසස් කොට දැක්වීම, අනුන් ඉහලින් තබා කථාකිරීම. (පි. 160)

උක්කාචිත

ති. නොපිළිවිසින ලද, කරුණු පරීක්ෂා නොකළ, නරක ලෙස හික්මුණු. (පි. 160)

උක්කාචිතවිනීත

ති. නොපිළිවිස හික්මුණු - නොහික්මුණු. (පි. 160)

උක්කාධාර

පු. පන්දම් අල්ලන්නා, විලක්කු දරන්නා, එළිය ගෙනයන්නා. (පි. 160)

උක්කාපභා

ඉ. තාරකා ලෝකය, තරු එළිය, “මහාසාවකානං උක්කාපභා සදිසං.” (පි. 161)

උක්කාපාත

පු. උල්කා පාත්වීම, අහසින් ගිනිසිළු කඩාවැටීම, උල්කාපාතය. (පි. 161)

උක්කාමුඛ

න. කඹුරු උදුන, රන්කරුවන්ගේ ලිප, “උක්කංබන්ධිත්වා උක්කාමුඛං ආලිම්පති.” (පි. 161)

උක්කාමෙති

ක්‍රි. (උ+කමු √ භු. ඉච්ඡාය කත්තිම්හි, කැමතිවීමෙහි, කාන්තියෙහි +ණෙ+ති), කැමති වෙයි. (පි. 161)

උක්කාර

පු. අසූචි, වැසිකිලිය, කා ඉතිරි ඉඳුල්. (පි. 161)