සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 232
උක්කාරපාති
ඉ. ඉඳුල් දමන භාජනය. (පි. 161)
උක්කාසති
ක්රි. (උ+කාස √ භු. දිත්තිම්හි සජ්ජනෙ, බැබලීමෙහි සෑදීමෙහි +ති), කාරයි, කැසිකාරයි. (පි. 161)
උක්කාසි
ක්රි. (උ+කාස √ භු. කාසනෙ, කෑරීමෙහි +ඊ), කෑරීය, සෙම් බැහීය. (පි. 161)
උක්කාසික
න. වත් වැටිය. (පි. 161)
උක්කාසිකා
ඉ. තුවාය, නානවිට සිරුර උලන රෙදි කෑල්ල. (පි. 161)
උක්කාසිත
ති. කාරණලද, කැස. (පි. 161)
උක්කාසිතසද්ද
පු. කැසි කෑරූ ශබ්දය. (පි. 161)
උක්කාසිත්වා
පු.ක්රි. කාරා, පසම්බහා, කාරාදමා. (පි. 161)
උක්කිණ්ණ
පු. සෑරීම, හෑරීම. (පි. 161)
උක්කිණ්ණපරිඛා
ඉ. සෑරූ දිය ඇල, කැනූ දිය අගල. (පි. 161)
උක්කිරිත්වා
පු. කැන, සාරා, හාරා. (පි. 161)
උක්කිලෙදෙති
ක්රි. (කිලිද √ චු. පරිදෙවනෙ, වැලපීමෙහි,+ණෙ+ති), වැලපෙයි. (පි. 161)
උක්කුජ්ජ
පු. මුව උඩුකුරුව තැබීම.
√ භු. අව්යත්තෙසද්දෙ, නොවියත් හඬෙහි, උක්කුජ්ජති. (පි. 161)
උක්කුජ්ජති
ක්රි. (උ+කුජ √ භු. අව්යත්තෙසද්දෙ, නොවියත් හඬෙහි +ති), උඩුකුරුව තබයි. (පි. 161)
උක්කුජ්ජන
න. උඩුකුරු කිරීම, මුනින් නමන ලද්දක් කට උඩුබැලි අතට හැරවීම, වසුන් ඇරීම. (පි. 161)
උක්කුජ්ජපඤ්ඤ
පු. උඩුමුව ප්රඥා ඇත්තා (පි. 161)
උක්කුජ්ජිත
ති. උඩුකුරු කළ, මුව උඩු අතට හරවන ලද, “උක්කුජ්ජිතං වා නික්කුජ්ජෙය්ය.” (පි. 161)
උක්කුට්ඨි
න. ශබ්දය, උක්කුටි ශබ්දය, උන්නාද ශබ්දය. (පි. 161)
උක්කුටික
පු. උක්කුටිකය, අඩ දනින් සිටීම. (පි. 161)
උක්කුටිකප්පධාන
පු. උක්කුටිකව සිටීමේ වීර්ය්යය, උක්කුටිකයෙන් සිට තවුස්දම් රැකීම. (පි. 161)
උක්කුපමා
ඉ. (උක්කා+උපමා), ගිනිසිළකට බඳු උපමා ඇති. (පි. 161)
උක්කුර
න. පස්, මීයන් ආදී සතුන් විසින් හාරාදමන ලද පස්. (පි. 161)
උක්කුල
න. උස්, උච්චස්ථානය, උස්බිම, ගොඩතැන්, “උක්කුලන්ති උණ්ණතට්ඨානං.” (පි. 161)
උක්කුලවිකුල
න. උස් පහත්, උස්මිටි තැන, සමනොවූ තැන, “උක්කුල විකුල නදී විදුග්ග පබ්බත විසමෙසු.” (පි. 161)