සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 233
උක්කුස
පු. මුහුදු රාජාලියා, කුරළයා, කබරුස්සා යයි ප්රසිද්ධ පක්ෂියා. (පි. 161)
උක්කොට
පු. හුන් තැනට යවන පඬුර, අල්ලස, “උක්කොටං දත්වාති ලඤ්ඡං දත්වා.” (පි. 161)
උක්කොටන
න. ජය පරාජය කරවීම පිණිස අල්ලස් ගැනීම. (පි. 161)
උක්කොටනක
පු. ජය පරාජය කරවීමට අල්ලස් ගන්නා, ඉදිරියට ඇදීම, “උක්කොටනකෙ පාචිත්තියං.” (පි. 161)
උක්කොටෙති
ක්රි. (උ+කුට √ චු. ඡොදෙ, ඡොදනය කිරීමෙහි +ණෙ+ති), වරක් විනිශ්චය වූවක් නැවතත් විනිශ්චය පිණිස ගන්වයි. (පි. 161)
උක්ඛ
√ භු. සෙවනෙ, ඉසීමෙහි, උක්ඛති, ඉසියි.
පු. ගෝණා (පි. 161)
උක්ඛලි
ඉ. සැළිය, ඉකිලිය, “අන්තමසො උක්ඛලී ආදීනි උපාදාය“ (පි. 162)
උක්ඛලිකා
ඉ. මහසැළිය, බත් උයන භාජනය. (පි. 162)
උක්ඛිණ්ණ
ති. එසවූ, උස්කළ සාරණලද. (පි. 162)
උක්ඛිත
ති. තැවරූ, ඉසිනලද, ගානලද. (පි. 162)
උක්ඛිත්ත
ති. ඔසවනලද, උස්කළ, උත්ක්ෂෙපනිය කර්මය කළ. (පි. 162)
උක්ඛිත්තක
පු. සමූහයකගෙන් එක් අයෙක් වෙන්කර තැබීම, එනම් විනය කර්මය. (පි. 162)
උක්ඛිත්තකාය
පු. නගාගත් සිවුරින් යුත් කාය ඇත්තේ. (පි. 162)
උක්ඛිත්තපලිඝ
පු. පහවූ බාධා ඇති, දුරු කළ උපද්රව ඇති. (පි. 162)
උක්ඛිත්තසම්භොග
පු. උත්ක්ෂෙපනීය කර්මය කළ භික්ෂුව සමග සම්භෝගකිරීමෙන් පචිති ඇවැත්වේයැයි පැනවූ ශික්ෂාපද. (පි. 162)
උක්ඛිත්තාසික
පු. කොපුවෙන් ඇදගත් කඩුව ඇති. (පි. 162)
උක්ඛිපති
ක්රි. (උ+බිප, √ භු. ඛෙපනෙ, එසවීමෙහි +ති) ඔසවයි. (පි. 162)
උක්ඛිපන
න. එසවීම, උසස්කිරීම. (පි. 162)
උක්ඛිපිංසු
ක්රි. (උ+ඛිප. √ චු. ඛෙපනෙ, එසවීමෙහි +සු) එසවූහ, බැහැර කළහ, ඉවත් කළහ, උත්ක්ෂෙපනීය කර්මය කළහ. (පි. 162)
උක්ඛෙප
න. නැටුම් ආදිය පවත්වන විට දෙන තෑගි. (පි. 162)
උක්ඛෙපක
පු. ඉවත් කළ තැනැත්තා, බැහැර කළ තැනැත්තා. (පි. 162)
උක්ඛෙපන
න. උත්ක්ෂෙපය, බැහැර කිරීම, උඩට එසවීම. (පි. 162)
උක්ඛෙපනක
පු. බැහැර කරන්නා, පන්නා දමන්නා. (පි. 162)
උක්ඛෙපනා
ඉ. ඉවත්කිරීම, බැහැරකිරීම. (පි. 162)