සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 234

උක්ඛෙපනීය

න. බැහැර කළයුතු, උත්ක්ෂෙපණය කළයුතු. (පි. 162)

උක්ඛෙපනීයකම්ම

න. වැරදිකළ භික්ෂුවක් ඒ වැරැද්දට පිළියම් කර ගන්නාතුරු සංඝයා විසින් බැහැරකිරීමේ විනය කර්‍මයක්. (පි. 162)

උක්ඛෙපිම

ති. (උ+ඛිප+ණ+ඉම) ඔසවා ගත යුතු, උස්සාගතයුතු. (පි. 162)

උක්ඛෙහිත

ති. උත්ක්ෂෙපනය කළ, බැහැර කළ. (පි. 162)

උඛ

√ භු. ගමනෙ, යාමෙහි, උඛති, යෙයි. (පි. 162)

උඛා

ඉ. සැළිය, හැලිය. (පි. 162)

උඛි

√ භු. ගතියං, යෑමෙහි, උඞ්කති, ගමනය කරයි. (පි. 162)

උග්ග

පු. ඊශ්වරයා, එනම් සිටු.
පු. උග්‍ර, සැඩ, තියුණු, දැඩි, නපුරු, උසස්. (පි. 162)

උග්ගච්ඡති

ක්‍රි. (උ+ගමු, √ භු. ගතියං, යාමෙහි, චඡ+ති) උස්වනගියි. (පි. 162)

උග්ගච්ඡන්ත

ති. උස්වයන, ඉහලට නගින. (පි. 162)

උග්ගජ්ජති

ක්‍රි. (උ+ගජ්ජ, √ භු. ගජ්ජනෙ, ගර්‍ජනා කිරීමෙහි +ති) උසස් කොට ගර්ජනා කෙරෙයි. (පි. 162)

උග්ගජ්ජන

න. උසස්ව ගර්‍ජනා කිරීම, හය්යෙන් ගෙරවීම. (පි. 162)

උග්ගජ්ජිත

ති. උසස් කොට ගර්ජනා කළ, මහත් කොට ගොරවන ලද. (පි. 162)

උග්ගණ්හණ

න. උද්ග්‍රහණය, ඉගෙනගැන්ම. (පි. 163)

උග්ගණ්හාති

ක්‍රි. (උ+ගහ, √ භු. උපාදානෙ, ගැනීමෙහි, ණ්හා+ති) උගෙනගනී, ඉගෙනගනී. (පි. 162)

උග්ගණ්හිත

ති. උද්ග්‍රහණය කළ, ඉගෙනගත්. (පි. 163)

උග්ගත

ති. උද්ගත, උඩට නැගුණු, ඉහළට නැගුණු, උස්වනැගි. (පි. 162)

උග්ගතත්ථත

ති. ආභරණ විශේෂයක්, දෙනුන්ගේ තනාකාර චතුර්‍ය්‍යෂ්ටිකාහාර භේදයක්. (පි. 162)

උග්ගතප

පු. උග්‍රවූ තපස, උසස් තපස් ඇති. (පි. 162)

උග්ගතෙජ

පු. උසස් තෙජස් ඇති, මහත් තෙජස ඇති. (පි. 162)

උග්ගන්ථා

ඉ. වදකයා. (පි. 163)

උග්ගපුත්ත

පු. වංශවත් අය, සිටුවරයා. (පි. 162)

උග්ගම

පු. නැගීම, ඉහළට නැගීම, උස්ව නැගීම. (පි. 163)

උග්ගමන

න. උත්පත්තිය, ඌර්ධ්වගතිය, උඩට යාම. (පි. 163)