සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 235

උග්ගයහති

ක්‍රි. (උ+ගහ √ භු. උපාදානෙ, ගැනීමෙහි +ය+ති) ඉගෙනීම කරණුලබයි. (පි. 163)

උග්ගහ

පු. උද්ග්‍රහණය, ඉගෙනීම. (පි. 163)

උග්ගහකුසල

පු. ඉගැන්වීමට දක්ෂ වූ, පෙළ අටුවා දෙක්හි දක්ෂවූ. (පි. 162)

උග්ගහණ

න. උද්ග්‍රහණය, උගෙනගැනීම. (පි. 163)

උග්ගහනිමිත්ත

න. සිතින් ගත් පරිකර්‍ම නිමිත්ත, උද්ග්‍රහනිමිත්ත. (පි. 163)

උග්ගහාය

පු.ක්‍රි. ඉගෙන ගෙන, උද්ග්‍රහණය කොට. (පි. 163)

උග්ගහිත

ති. ඉගෙනගත්, දැනගන්නාලද. (පි. 163)

උග්ගහීත

න. ඉගෙනගන්නා ලද. (පි. 163)

උග්ගහීයති

ක්‍රි. (උ+ගහ, √ භු. උපාදානෙ, ගැනීමෙහි,+ය්හ+ති) උගෙනී, ඉගෙනගනී. (පි. 163)

උග්ගා

පු. ඉපිලෙන්නෝ, පැනපැන යුද්ධ කරන්නෝ, “උග්ගාරාජපුත්තා පක්ඛන්දිනො මහානාගා”. (පි. 163)

උග්ගාර

පු. ඔක්කාරය, වමනය, තැලිනැගීම. (පි. 163)

උග්ගාරණ

න. ඔක්කාර කිරීම, වමනය කිරීම. (පි. 163)

උග්ගාහක

පු. ඉගෙනීමට ආශා ඇති අය, ඉගෙනගන්නා ශිෂ්‍යයා. (පි. 163)

උග්ගාහමාන

න. ඉගෙනීම කරන්නා, ඉගෙනීම. (පි. 163)

උග්ගිර(ලා)න

න. ගිලීම. (පි. 163)

උග්ගිරණ

න. වැගිරීම. (පි. 163)

උග්ගිරති

ක්‍රි. (උ+ගිර, √ භු. උග්ගිරණෙ, ගිලීමෙහි,+ති) ගිලියි. උඩට ඔසවයි. (පි. 163)

උග්ගිලති

ක්‍රි. (උ+ගිර, √ භු. උග්ගිරණෙ, ගිලීමෙහි +ගිල+ති) ගිලියි. (පි. 163)

උග්ගීති

පු. ගීතිප්‍රකරණයෙහි කී තුන්වන වෘත්තය. (පි. 163)

උග්ගීව

පු. උඩුකුරු වූ ගෙල ඇත්තා. (පි. 163)

උග්ගො

පු. නුවණ, ඥාණය. (පි. 163)

උග්ඝංසති

ක්‍රි. (උ+ඝංස, √ භු. ඝංසෙන, ඉලීමෙහි, ණෙ+ති) ඇඟ උලයි. (පි. 163)

උග්ඝංසන

න. ඇඟඉලීම. (පි. 163)

උග්ඝංසෙය්‍ය

ක්‍රි. (උ+ඝංස √ භු. සංසනෙ, ඝර්ෂණය කිරීමෙහි +එය්‍ය) සිරුර උළන්නේය. (පි. 163)