සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 236
උග්ඝට
පු. වැසුම් ඉවත්කළ. (පි. 163)
උග්ඝටණකිටිකා
ඉ. පැළැල්ල, එක් පැත්තකට අදින තිරයක්. (පි. 163)
උග්ඝටන
න. වැසුම් හැරීම, පියන හැරීම, උද්ධරණය. (පි. 163)
උග්ඝට්ට
ති. ගැටෙන, හැපෙන. (පි. 163)
උග්ඝට්ටපාද
පු. ගැටෙන පා ඇත්තා, විලුඹෙන් විලුඹ හෝ ගොප්මසින් ගොප්මස හෝ දනින් දන හෝ ගැටෙන පා ඇති අය. (පි. 163)
උග්ඝටික
ති. උපුටන ලද, වැසුම්හරින ලද. (පි. 163)
උග්ඝටිතඤ්ඤු
පු. (උ+ඝට+ඉ+ත = උග්ඝටිත+ඤා+ඌ) තථාගත ධර්මය ඇසූ කෙණෙහිම චතුරාර්ය්යසත්යය අවබෝධ කර ගන්නා උත්තමයා, උසස් ප්රඥා ඇත්තා, අධික ප්රඥා ඇත්තා. (පි. 163)
උග්ඝත
ති. සෙල්වෙන, ගැස්සෙමින් සෙල්වෙන. (පි. 163)
උග්ඝරණ
න. වැගිරීම, උඩට විසිරීම, කාන්දු වීම. (පි. 163)
උග්ඝරති
ක්රි. (උ+ඝර √ භු. සෙවනම්භි, වැගිරීමෙහි +ති) වැගිරෙයි. (පි. 163)
උග්ඝරන්ත
ති. (උ+ඝර+න්ත) උතුරා යන, ඉහිරෙන. (පි. 163)
උග්ඝාටනකිටිකද්වාර
න. පැලැල්ල, ඉදි කඩුල්ල, එනම් දොර. (පි. 163)
උග්ඝාටිත
ති. වැසුම්හළ, පියන්පත් අහක් කළ. (පි. 163)
උග්ඝාටෙති
ක්රි. (උ+ඝට. √ චු. විසරණෙ, හිංසාවෙහි +ණෙ+ති) වැසුම් හරියි. (පි. 163)
උග්ඝාත
ති. නැසූ, විනාශ කළ. (පි. 163)
උග්ඝාති
ඉ. අනුග්රහය, ජය, දිනීම. (පි. 163)
උග්ඝාති - නිග්ඝාති
ඉ. අනුග්රහය හා නිග්රහය. (පි. 163)
උග්ඝාතිත
ති. වැසුම්හළ, පියන්පත් අහක්කළ. (පි. 164)
උග්ඝොස
පු. (උ+ඝුස+ණ) මහා නාදය, උසස් ශබ්දය. (පි. 164)
උග්ඝොසති
ක්රි. (හ+සුස. √ භු. ඝොසෙ ශබ්ද කිරීමෙහි,+ති) මහා නාද කෙරෙයි. (පි. 164)
උග්ඝොසන
න. මහත් නාදය, උසස් ශබ්දය. (පි. 164)
උග්ඝොසනා
ඉ. මහානාදය, මහත් ශබ්දය. (පි. 164)
උච
√ දි. සද්දෙ, සමවායෙ, ශබ්ද කිරීමෙහි, රැස්කිරීමෙහි, උචති, ශබ්ද කෙරෙයි.) (පි. 164)
උච්ච
ති. උස්, උසස්, මහත්, විශාල. (පි. 164)