සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 237
උච්චං
අ. උස්, උසස්, මහත් යනාර්ථයෙහි. (පි. 164)
උච්චක
පු. උසස් තැනැත්තා, ශ්රේෂ්ඨ තැනැත්තා. (පි. 164)
උච්චට්ඨානීය
න. උසස් තනතුරක සිටින, උසස් තන්හි තැබිය යුතු, “රාජා උච්චට්ඨානීයං හීමෙ ඨානෙ ඨපෙති.” (පි. 164)
උච්චටා
ඉ. හීන් මිදි. (පි. 164)
උච්චතර
පු. පොල්ගස.
ඉ. ඉතා උස්, උසස්. (පි. 164)
උච්චතරස්සර
පු. ඉතා උසස් නාදය, උස්හඬ. (පි. 164)
උච්චත්ත
න. උඬගු බව, උද්ධතාකාරය. (පි. 164)
උච්චභාග
න. ග්රහයින්ට ඒ ඒ රාශිවල උච්චවූ අංශක. (පි. 164)
උච්චය
පු. රැස්කිරීම. “සුඛො පුඤ්ඤස්ස උච්චයො.” (පි. 164)
උච්චයගාහ
පු. රාශි වශයෙන් ගැනීම. (පි. 164)
උච්චසද්ද
න. උත්ඝොෂණය, උසස් නාදය. (පි. 164)
උච්චා
අ. උසස්, ශ්රේෂ්ඨ. (පි. 164)
උච්චාකණෙරුකා
ඉ. උස් ඇතින්නක්, (පි. 164)
උච්චාකාලාරිකා
ඉ. එනම් ඇත් කුලය. (පි. 164)
උච්චාකුල
න. උසස් කුලය, වංශවත් කුලය, ක්ෂත්රිය බ්රාහ්මණ කුල. (පි. 164)
උච්චාකුලික
පු. උසස් කුලයට අයිති තැනැත්තා. (පි. 164)
උච්චාකුලීන
පු. උසස් කුලයට අයිති, වංශවත් කුලයෙහි වූ. (පි. 164)
උච්චාකුලීනතා
ඉ. උසස් කුලොත්පත්තිය, ශ්රේෂ්ඨ උත්පත්තිය. (පි. 164)
උච්චාපාදක
ති. උස් වූ පාද ඇති, වඩුරියනින් උස්වූ පාද ඇති ඇඳපුටු. (පි. 164)
උච්චාර
පු. මල, අසූචි. (පි. 164)
උච්චාර පස්සාව කම්ම
න. මල මුත්ර කිරීම. (පි. 164)
උච්චාරණ
න. උසුරුවීම, ශබ්ද නගා කීම. (පි. 164)
උච්චාරපස්සාව
න. මල මුත්ර. (පි. 164)
උච්චාරිත
ති. කියන ලද, උසුරුවන ලද. (පි. 164)