සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 238
උච්චාරෙත්ථා
පු.ක්රි. ඔසවා, උඩට ඔසවා. (පි. 164)
උච්චාරෙති
ක්රි. (උ+වර. √ භු. ගතිභක්ඛණෙසු, යාමෙහි, කෑමෙහි +ණෙ+ති) උසුරුවයි. (පි. 164)
උච්චාලිඞ්ග
පු. බු පණුවා, බජණුවා, දළඹුවා, “උච්චාලිඞ්ග පාණක දට්ඨෙන.” (පි. 164)
උච්චාවච
ති. (උච්ච+අවච) උස්පහත්, ලොකු කුඩා, විසිතුරු, මාහැඟි, මිශ්ර, “උච්චාවචාති මහන්ත ඛුද්දකානි.” (පි. 164)
උච්චාවච කම්ම
න. උසස් කටයුතු, සෑගෙහි පොහෝගෙහි ආදී කටයුතු. (පි. 164)
උච්චාවත්ථුක
න. උස්බිම, උපරි භූමි භාගය. (පි. 164)
උච්චාසද්ද
පු. උසස් ශබ්දය, උස් හඬ. (පි. 164)
උච්චාසයන
න. උස් ආසනය, වඩු රියනින් උස් ආසනය, “උච්චාසයන මහාසයනා වෙරමණී සික්ඛාපදං”. (පි. 164)
උච්චිට්ඨකඤ්ජි
න. ඉඳුල් කැඳ, ඉඳුල් හඹු. (පි. 164)
උච්චිට්ඨඛාදක
පු. ඉඳුල් කන්නා, ඉතුරු වූ දේ කන්නා. (පි. 164)
උච්චිට්ඨපායාස
න. ඉඳුල් කිරිබත. (පි. 164)
උච්චිට්ඨභොජි
පු. ඉඳුල් අනුභව කරන්නා. (පි. 164)
උච්චිට්ඨහත්ත
පු. ඉඳුල් තැවරුණු අත, ඉඳුල් අත. “උච්චිට්ඨහත්ථෙන පත්තං ගණ්හිතුං න. වට්ටති.” (පි. 164)
උච්චිණති
ති. ක්රි. (උ+චි. √ සු. චයෙ, රැස්කිරීමෙහි +ණ+ති) රැස්කෙරෙයි, ඇහිඳියි. (පි. 164)
උච්චිණන
න. රැස්කිරීම, සමූහයකින් එකක් තෝරා වෙන් කර ගැණීම, ඇහිඳ ගැණීම. (පි. 164)
උච්ඡඞ්ග
පු. ඔඩොක්කුව, ඇකය (පි. 165)
උච්ඡඞ්ගපඤ්ඤ
පු. ඔඩොක්කුවට සමාන ප්රඥා ඇත්තා, යමක් අසා සිටිනවිට පමණක් සිත තබා ගැනීමේ ශක්තිය ඇති, ධාරණ ශක්තිය නැති තැනැත්තා, “උච්ඡඞ්ගපඤ්ඤො පුරිසො සෙය්යො එතෙන වුච්චති.” (පි. 165)
උච්ඡන්න
න. මතු මත්තෙහි සඟවන ලද. (පි. 165)
උච්ඡාදන
න. ඇඟ ඉලීම, ශරීරයෙහි රජස් දුරුකිරීම, ස්නානයෙහි ඇඟ ඉලීම, “උච්ඡාදනෙ නහාපනෙ පාදානං ධොවනෙනව.” (පි. 165)
උච්ඡාදිත
ති. ඇඟ උලනලද. (පි. 165)
උච්ඡාදෙති
ක්රි. (උ+චිද+ √ චු. අපවාරණෙ, බැසීමෙහි +ණෙ+ති) ඇඟ උලයි. (පි. 165)
උච්ඡිට්ඨ
ති. ඉඳුල්, ඉඳුල් කළ, අනුභවකොට ඉතිරිවූ. (පි. 165)
උච්ඡිට්ඨපත්ත
පු. ඉඳුල් ඇති පාත්රය, වළඳා ඉතිරිවූ පාත්රය. (පි. 165)
උච්ඡිට්ඨභත්ත
න. ඉඳුල් බත්. (පි. 165)