සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 313
එකංසික
ති. එක පැත්තකට අයිති, එකාන්ත සන්තක. (පි. 212)
එකංසිකතා
ඉ. එකාන්ත භාවය, සත්තකබව. (පි. 212)
එකංසීකචීවර
න. උත්තාසඞ්ග චීවරය, එකංසයක් වසන සිව්ර, තනිපට සිව්ර. (පි. 212)
එකක
පු. හුදකලා, අසහාය තනිව. (පි. 210)
එකකත්තුක
පු. පූර්වක්රියාවට හා අවසාන ක්රියාවටත් යෙදෙන එක කර්තෘ, එකම කර්තෘ කෙනෙක් ඇත්තේ එකකත්තුක නමි. (පි. 210)
එකකම්ම
න. පොහෝපවුරුණු එක්වකිරීම, එක්ම සංඝකර්ම කිරීම, එක කර්මය, “එකතො කත්තබ්බත්තා එකකම්මං නාම.” (පි. 210)
එකක්ඛි
පු. එකැස් ඇත්තා. (පි. 210)
එකකුට
න. එකමඬුල්ල, එකමහල, එකමුදුන. (පි. 210)
එකකුල
පු. එකම කුලයක් ඇති ගම, එක් ග්රාමභොජකයෙකු ඇති ගම. (පි. 210)
එකග්ග
පු. සමාධිය, එකඟ, අනාකුල නානාරම්මණ ගත සිත එකාරම්මණය යෙදවීම. “සමාහිතං චිත්තං එකග්ගං.” (පි. 212)
එකග්ගතා
ඉ. එකාග්රතාව, එකඟ බව සමාධිය. (පි. 212)
එකඝන
ති. එකට ඝනවූ, එකට තදවූ.
ති. එකාබද්ධවූ, එකට ඝනවූ. “සෙලො යථා එකඝනො වාතෙන න. සමීරති.” (පි. 212)
එකඞ්ග
පු. කොටස, ප්රදේශය. (පි. 212)
එකඞ්ගණ
න. අවකාශය, ඉඩ ඇති තැන. (පි. 212)
එකචක්ක
පු. එක රෝදයක් ඇති රථය, සූර්ය්ය රථය. (පි. 212)
එකචක්ඛු
න. පු. එක ඇස, එක් ඇසක් ඇත්තා. (පි. 212)
එකචර
ති. හුදකලාව හැසිරෙන, තනිව හැසිරෙන. (පි. 212)
එකචරියා
ඉ. තනිව හැසිරීම, හුදකලා විසීම.
ඉ. තනිව හැසිරීම, හුදකලා ජීවිතය, “එකචරියං දළහං කත්වා.” (පි. 212)
එකච්ච
ති. අසහාය දෙය, සමහර, ඇතැම්, “ඉධෙකච්චො පුරිසො.” (පි. 212)
එකච්චික
පු. එක්පටක් ඇති, එකපට, තනි පට සිවුර. (පි. 212)
එකච්චිය
පු. එකච්චික බලනු. තනිපට සිවුර, උතුරු සගල, අන්තර වාසකය. (පි. 212)
එකච්ඡත්ර
න. එක සෙසත, එක කුඩය. (පි. 212)
එකච්ඡදන
ති. එකවහලක් ඇති, එවැනි කාමරපෙළ. (පි. 210)
එකච්ඡන්ත
ති. (එක+ඡද+ත=අන්ත) එක පියස්ස ඇති, එක වහලක් ඇති. (පි. 210)