සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 314
එකච්ඡන්ද
පු. සමානච්ඡන්දය, එක අදහස. (පි. 212)
එකචාරිකභත්ත
න=එකචාරිකභත්තය, හැමටම ලැබීම පිණිස වෙන වෙන ඨිතිකාවෙන් නියමව ඇති බත. (පි. 210)
එකචාරී
පු. තනිව හැසිරෙන්නා. (පි. 212)
එකචිත්තක්ඛණික
පු. එකචිත්තක්ෂණයක් කල් පවතින. (පි. 212)
එකචින්තී
පු. එකක් ගැණ සිතන්නා. (පි. 212)
එකජ
ති. එකවරක් උපන්නා, එකට උපන්නා, එකතැනකින් උපන්නා, කණ්ඨතාලව්යාදි වශයෙන් එක් තැනකින් උපදින අකුරු එකජ නම් වෙත්. (පි. 212)
එකජ්ඣං
අ. එකතුකිරීම, එකට රැස්කිරීම, එක්ව. (පි. 213)
එකජ්ඣප්පවත්ති
ඉ. එක් අයුරකින් පැවැත්ම, ඓකඛ්ය ප්රවෘත්තිය. (පි. 213)
එකට්ඨිලා
ඉ. දියමිත්ත වැල. (පි. 213)
එකත්ත
න. එකඟබව, එකක්බව. (පි. 213)
එකත්තතා
ඉ. එකත්ත භාවය, එකක් බව. (පි. 213)
එකත්තනය
පු. හේතුවල සම්බන්ධය විසින් පරම්පරාවේ නොසිඳී පැවැත්ම. (පි. 213)
එකත්තපරිපුණ්ණ
ති. එක් දිනකුදු අත් නොහැර පිරිය යුතු, ජීවිතාන්තය දක්වා කඩනොකොට සම්පූර්ණකළ යුතු. (පි. 213)
එකත්තසඤ්ඤා
පු. එකාත්ම සංඥා ඇති බව. (පි. 213)
එකත්ථ
පු. එකම අර්ථයක් පවත්නා බව, එනම් සමාසයයි. (පි. 213)
එකතො
අ. එකට, එකින් එක “එකතො හුත්වා පුඤ්ඤං කරිත්වා සග්ගං ලොකං උපපජ්ජිංසු.”
අ. එක්පසකින්, එක් පැත්තකින්. (පි. 213)
එකතො අවස්සුත
ති. එක පසකින් පමණක් රාගයෙන් තෙත්වූ. (පි. 213)
එකතො උස්සාදිත
ති. රැස්කළ, එක්තැනක පිඩුකළ. (පි. 213)
එකතො උස්සාරිත
ති. එක් තැනක එකතුවූ, එක් තැනක රැස්කළ. (පි. 213)
එකතො කාජ
න. එක් පැත්තක පමණක් බර යෙදූ කද, එක පැත්තේ කද. (පි. 213)
එකතොධාර
ඉ. එක් පැත්තක මුවාත ඇති. (පි. 213)
එකතොවණ්ටිකමාලා
ඉ. එක් පැත්තකට නැටි ඇතිවන සේ ගෙතූ මල් මාලාව. (පි. 213)
එකතොසුද්ධි
ඉ. දායකයකු අත්හි හෝ පාමුල තබා දුන් වස්ත්රය, පංසුකූල සිවුරේ එක් ප්රභේදයක්. (පි. 213)
එකථාලක
න. පැන්බොන එක බදුන, එක මලාව, “න භික්ඛවෙ එකථාලකෙ පානීයං පාතබ්බං” (පි. 211)