සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 315

එකථූප

පු. ගොඩක්, එකතුව, රැස්ව. (පි. 213)

එකදත්ථු

අ. එකාන්තයෙහි, නිශ්චයෙහි. (පි. 213)

එකදන්ත

පු. එකදතක් ඇත්තා, ගණදෙවියා. (පි. 213)

එකද්විහ

න. එකදවසක් දෙදවසක්. (පි. 213)

එකදා

අ. එක්කලෙක, එක්සමයෙක්හි, එක දවසක්. (පි. 213)

එකදිවස

න. එක් දිනයක්, එක් දවසක්. (පි. 211)

එකදිසා

ඉ. එක් දිසාවක, එක පැත්තක. (පි. 211)

එකදුක

න. එකක් ද දෙකක් ද. (පි. 213)

එකදෙස

පු. එක්දෙසයක්, එකකරුණක්.
න. එක් කොටසක්, එක භාගයක්. (පි. 213)

එකදෙසඛ්‍යාපික

පු. ආධාරයාගේ එක් ප්‍රදේශයක ආධෙයයාගේ ව්‍යාප්තිය ඇතිවීම. (පි. 213)

එකදෙසුපචාර

පු. එකදේශයක්හුගේ අභෙද ව්‍යවහාරය. (පි. 213)

එකදොනිකා

ඉ. එක් ඔරුවක් ඇති. (පි. 213)

එකධා

අ. එක් විභාගයකින්, එක් ප්‍රකාරයකින්. (පි. 213)

එකන්ත

ති. එක් කෙළවරක් ඇති, එකාන්ත.
න. ඒකාන්ත, නිශ්චිත, අතිශය. (පි. 213)

එකන්ත දුක්ඛ

න. ඒකාන්තම දුක, සැපක් නැතිම. (පි. 213)

එකන්ත පරිසුද්ධ

ති. හැමලෙසින්ම පිරිසිදු, එකැතියෙන් පිරිසිදු. (පි. 213)

එකන්තනිබ්බිදා

ඉ. ඒකාන්ත නිර්‍වෙදය. (පි. 213)

එකන්තරික

ති. එක් අවුරුද්දක් ඇතුළත, වර්ෂයක් තුළ.
න. එකන්තරික ධ්‍යානය, එක්වර නොයෙක් අයුරින් සමවැදීම් ඇති. (පි. 213)

එකන්තරිකකාජ

න. එක් කෙළවරක බර එල්ලු කද. (පි. 213)

එකන්තලොමි

පු. එකදාය ඇති ඇතිරිය. දෙපිට එළුලොම් ඇති ඇතිරිය. (පි. 213)

එකන්තවාද

පු. එකම අන්තවාද ඇත්තා. (පි. 213)

එකන්තසීල

න. ඒකාන්තශීලය. (පි. 213)

එකන්තික

පු. නියම විධිය, ව්‍යභිචාර නැත්තේ ඓකාන්තික නමි. (පි. 213)

එකන්තෙජ්ඣාසාන

න. එකම පරියොසානය. (පි. 213)