සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 316

එකනිකායික

පු. එකම නිකායෙහි වූ, තම නිකායට අයත් භික්ෂූහු. (පි. 211)

එකනිරොධ

පු. එකට නිරුද්ධවන.
පු. එක්ව නිරොධය ඇති. (පි. 213)

එකපටලික

පු. එක් පොටක් ඇති, එකම හම් පොටක් ඇති පාවහන්.
ති. එක පටක් ඇති පාවහනය. (පි. 211)

එකපට්ට

ති. එක පටක් ඇති රෙද්ද. (පි. 213)

එකපට්ටචීවර

න. තනිපට සිවුර, එක්පොටක් ඇති සිවුර. (පි. 211)

එකපණ්නච්ඡත්ත

න. තල්පත් ආදී එකම පත්‍රයකින් කළ කුඩය, “තාලපණ්නාදිනා එකෙන ප‍ණ්ණෙන කත ඡත්තං එකපණ්නච්ඡත්තං නාම.” (පි. 211)

එකපද

න. එකපදය, එක් කොටස, එක් පියවර. (පි. 211)

එකපදික

ති. එකපදිකමාර්ගය, එක් කෙනෙකුට පමණක් යාහැකි නොපටු මාර්ගය. (පි. 213)

එකපදී

ඉ. එකපදික බලනු. (පි. 213)

එකපරිච්ඡෙද

පු. (එක+පරි+ඡිද+ණ) එක පරිච්ඡේදය, එක කොටස, එකවර්ගය, “රූපියං අච්චවාදකං උපස්සුති ඉමානි තීනි එක පරිච්ඡෙදන්ති වෙදිතබ්බං.” (පි. 211)

එකපරියාකත

ති. එක වෙළ්ම්පටක් ඇති, එක් වරක් වටකළ, එක් වෙළුම් පටක් ඇති කාය බන්ධනය. “අනුජානාමි භික්ඛවෙ භික්ඛුනියා එකපරියාකතං කායබන්ධනන්ති.” (පි. 211)

එකපල

න. විශාල ගෙඩිය, ලොකු ඵලය. (පි. 213)

එකපල්ලඞ්ක

පු. එක පර්‍ය්‍යඞ්කය, එක පළඟ, “භගවා රාජායතනමූලෙ සත්තාහං එකපල්ලඞ්කෙන නිසීදි විමුත්තිසුඛ පටිසංවෙදී.”
න. එකපර්‍ය්‍යඞ්ක, එක්පලඟක්. (පි. 212)

එකපලාසික

ති. එක් පටක් ඇති පාවහන්, භික්ෂූන්ට පාවිච්චිකිරීමට අනුදත් පාවහන් විශේෂයක්. (පි. 211)

එකපස්ස

ති. එක් පසෙක, එක්පැත්තක. (පි. 212)

එකපහාර

න. ඇසිල්ලකින්ම. (පි. 214)

එකපාපූරණ

න. එක් පොරොනය, එක පොරොනයක් ඇති. (පි. 212)

එකපිඞ්ගල

පු. වෙසමුණු රජු. (පි. 214)

එකපිටක

පු. ත්‍රිපිටකයෙන් එක් පිටකයක් දන්නා. (පි. 213)

එකපුත්තක

පු. එකමපුතා, “තාත ත්වං අම්හාකං එකපුත්තකො.” (පි. 212)

එකපුත්තික

පු. එකම පුත්‍රයෙක් ඇත්තා. (පි. 214)

එකපොක්ඛර

න. ශ්‍රේෂ්ඨ පොකුණ. (පි. 214)

එකපොරිස

පු. පියවර සතක් ඇති සෙවනැල්ල, එක බඹය. (පි. 212)

එකබන්ධන

පු. එක බන්ධනයක් ඇති, එක බැම්මක් ඇති පාත්‍රය. (පි. 212)