සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 736

යක්ඛ

√ චු. පූජායං, පිදීමෙහි, යක්ඛෙති, යක්ඛයති, පුදයි.
පු. අමනුෂ්‍යයා, දෙවතාවා, වරම් රජහු, යකා, වෛශ්‍ර‍වණයාගේ සෙවක පිරිස, ක්ෂයරෝගය. (පි. 431)

යක්ඛධූමො

පු. දුම්මල. (පි. 431)

යක්ඛරාජ

පු. යක්ෂරාජයා, වෙසමුණිරජ. (පි. 431)

යක්ඛිනී

ඉ. යකින්නී, යක්ෂණිය. (පි. 431)

යක්ඛී

ඉ. යක්ෂණිය, යකින්නිය. (පි. 431)

යකාර

පු. ය යන අක්ෂරය. (පි. 431)

යග්ඝ

අ. පදපූරණයෙහි, එබැවින්, එම නිසා. (පි. 431)

යග්ඝෙ

අ. පදපූරණයෙහි, එබැවින්, ඒ නිසා. (පි. 431)

යජ

√ භු. දෙවච්චනෙ, දේව පූජාවෙහි, යජති, පුදයි. (පි. 431)

යජති

ක්‍රි. (√ භු. යජ, දෙවච්චනෙ, දෙවියන් පිදීමෙහි +ති) පුදයි (පි. 431)

යජන

න. පිදීම, පූජාව, යාගය. (පි. 431)

යජනක

පු. යාග කරන්නා, පූජකයා. (පි. 431)

යජාපෙති

ක්‍රි. (√ භු. යජ, දෙවච්චනෙ, දෙවියන් පිදීමෙහි,+යජ+ ණපෙ+ති) යාග කරවයි, පුදවයි. (පි. 431)

යජු

න. යජුර්‍වෙදෙය. (පි. 431)

යජුබ්බෙධ

පු. යජුර්‍වෙදය. (පි. 431)

යඤ්ඤ

පු. යාගය, දියයුතු දෙය, පිදියයුතු දෙය. (පි. 431)

යඤ්ඤඞ්ඟ

පු. දිඹුල්ගස. (පි. 431)

යඤ්ඤසුත්ත

න. යාග සූත්‍ර‍ය, යාගය පිණිස ගන්නා හුය, යාග නූල. (පි. 431)

යඤ්ඤාගාර

න. යාග කරන ගෙය, යාග මඩුව. (පි. 431)

යඤ්ඤාවාට

පු. යාග ද්‍ර‍ව්‍ය දමන වළ. (පි. 431)

යට්ඨි

පු. න. යෂ්ටිය, සැරයටිය, සත්රියන - සත්රියන් දිග දණ්ඩ. (පි. 432)

යට්ඨිමධු

(මධුකා) ඉ. වැල්මී. (පි. 432)

යණ

පු. ලාකඩ. (පි. 435)

යත

√ චු. නින්දායං උපකාරෙච, නින්දාවෙහි හා උපකාර කිරීමෙහි, යතෙති, යතයති, නින්දාකරයි, උපකාර කරයි.
ති. සංයමයෙහි, සංසිඳීමෙහි, සංයත.
√ භු. උස්සාහෙ, උත්සාහයෙහි, යතති, උත්සාහ කරයි, වීර්‍ය්‍ය කරයි.
√ චු. නීයාතනෙ, පාවාදීමෙහි, යතති, පාවාදෙයි. (පි. 432)