සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 737

යතත්ත

පු. සංසිඳුනු සිත් ඇත්තා. (පි. 432)

යතති

ක්‍රි. නිර්‍ය්‍යාතනය කරයි. (පි. 432)

යතන

න. උත්සාහය, ධෛර්‍ය්‍යය. (පි. 432)

යතමාරි

පු. සංයතවූවහු සංවරණය ඇත්තා, හැසුරුම් ඇත්තා. (පි. 432)

යත්ත

න. වීර්‍ය්‍යය, උත්සාහය. (පි. 432)

යත්තක

පු. යම් පමණ, යම් ප්‍ර‍මාණයක්. (පි. 432)

යත්ථ

අ. යම් තැනක, යම් හෙයකින්. (පි. 432)

යත්වාධිකරණ

න. (යතො+අධිකරණ) යමක් හේතුකොටගෙන. (පි. 432)

යත්‍ර

අ. යම් තැනෙක්හි, යම් කාරණයෙක්හි. (පි. 432)

යති

පු. ඉන්ද්‍රිය දමනය ඇත්තා, යතීහු, මුනි, යතීහු, ඡන්ද්‍රශ්ශාස්ත්‍රයෙහි ප්‍ර‍කාශ විරාම ස්ථානය. (පි. 432)

යතින්ද්‍රිය

න. සංසිඳුනාවූ ඉන්ද්‍රිය ඇත්තා. (පි. 432)

යතිරාජ

පු. යතීන්ද්‍ර‍යා, මුනීන්ද්‍ර‍යා, බුදුරජ. (පි. 432)

යතිස්සර

පු. යතිරාජ, මුනීන්ද්‍ර‍යාණන් වහන්සේ. (පි. 432)

යතො

අ. හෙත්වර්‍ථයෙහි, යම් හෙයකින්. (පි. 432)

යථත්තං

අ. අවිපරිතාර්‍ථයෙහි, සිද්ධවූ පරිදි. (පි. 432)

යථරිව

අ. (යථා+ඉව) උපමායෙහි. (පි. 432)

යථා

අ. යම්සේ, යම් පරිද්දකින්. (පි. 432)

යථා තථ

අ. අවිපරිතාර්‍ථයෙහි.
න. සැබෑ තෙපුල. (පි. 432)

යථා නාම

අ. උපමායෙහි, යම්සේ නම්. යම් හැටියකින් නම්. (පි. 432)

යථාකම්ම

ති. කර්‍මය වූ පරිදි, කර්‍මානුකූල ලෙස. (පි. 432)

යථාක්කම

පු. පිළිවෙළ, පටිපාටිය. (පි. 432)

යථාකාල

පු. සුදුසු කාලය, සුදුසු අවස්ථාව. (පි. 432)

යථාච

අ. උපමායෙහි, යම්සේ. (පි. 432)

යථාච්ඡිත

ති. කැමති පරිදි, සිත්සේ. (පි. 432)