සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 326

ඔකම්පති

ක්‍රි. (අව+කම්ප √ භු. කම්පනෙ, කම්පා වීමෙහි +ති) මඳක් කම්පා වෙයි. ටිකක් කම්පා වෙයි. (පි. 219)

ඔකම්පන

න. කම්පාවීම, චලනය. (පි. 219)

ඔකම්පිත

ති. කම්පාවන ලද. (පි. 219)

ඔකම්පෙත්වා

පු.ක්‍රි. (අව+කම්ප+ණෙ+ත්වා) මදක් සොලවා, හිසවනා. (පි. 219)

ඔකම්පෙති

ක්‍රි. (අව+කපි √ චු. චලනෙ, චලනයෙහි +ණෙ+ති) චලනය වෙයි. සැලෙයි. (පි. 219)

ඔකස්සති

ක්‍රි. (අව+කස්ස √ භු. ගතියං, යාමෙහි +ති) ආපසු අඳියි. (පි. 219)

ඔකස්සන

න. අවකස්සනය, ආපසු ඇදීම. (පි. 219)

ඔකස්සිත

ති. අවකස්සිත, ආපසු අදින ලද. (පි. 219)

ඔකසාරි

පු. ගෙයි හැසිරෙන්නා. ආලය ඇත්තා. (පි. 219)

ඔක්කදිත්වා

පු.ක්‍රි. (අව+කන්ද+ඉ+ත්වා) පැන පැන, මහරැව් පවත්වන. (පි. 218)

ඔක්කන්ත

පු. අවක්‍රාන්ත, පැමිනීම, ගෘහය, ආධාරය. (පි. 218)

ඔක්කන්ති

ක්‍රි. (අව+කමු √ භු. සප්පගතිම්හි, ගමනෙහි +න්ති) ඉපදීම, පිළිසිඳ, ගැනීම, මව් කුසට පැමිණීම, “ඔක්කන්තීති නිබ්බන්ති.”
ඉ. අවක්‍රාන්තිය, පැමිණීම, ළඟා වීම. (පි. 218)

ඔක්කන්තික

පු. පැමිණීම ඇති, ළඟාවීම් ඇති. (පි. 218)

ඔක්කන්තික ධම්ම දෙසනා

ඉ. ප්‍රකීර්‍ණක දේශනාව, සූත්‍ර - අභිධර්‍ම - විනය පාලියට නොනැගූ බුද්ධ දෙසනාව, “ඤාණෙන අනුපවිසිත්වා අන්තරා කථියමාන ධම්මදෙසනා ඔක්කන්තික ධම්ම දෙසනා නාම.” (පි. 218)

ඔක්කන්තික විනිච්ඡය

න. ආචරිය වාදය, ආචාර්‍ය්‍යවාදයෙහි බැසගත් තීරණය, අර්ථ කථාව, සතර මහා ප්‍රදේශයන්ගෙන් එකක්. (පි. 218)

ඔක්කන්දික

න. පනිමින්, මුවෙකු මෙන් ශබ්දකිරීම. “මිගො විය ඔක්කන්දිත්වා.” (පි. 218)

ඔක්කනිතික පීති

ඉ. ඔක්කන්තික ප්‍රීතිය, පඤ්චවිධ ප්‍රීතීන්ගෙන් එකක්. (පි. 218)

ඔක්කමති

ක්‍රි. (අව+කම √ භු. පදගතියං, පහව යෑමෙහි +ති) පහව යෙයි, ඔක්කමන්ති පහව යෙත්. (පි. 219)

ඔක්කමන

න. ඇතුළ්වීම, ප්‍රවේශවීම, පැමිණීම පසු බැසීම. (පි. 219)

ඔක්කමන්තා

පු. පැමිණෙන්නෝ, පසුව එන්නෝ, එක්දිශාවකින් පැමිණෙන අය. බැසගන්නෝ. “නිද්දං ඔක්කමන්තානං සුපිනන්තෙන අසුචි මුච්චන්ති.” (පි. 218)

ඔක්කමන්තී

ඉ. ඉක්මවන්නී, ඉක්මවා යන තැනැත්තී. (පි. 218)

ඔක්කමයන්ත

ති. බැසගන්න, පැමිණෙන, ළඟා වන. (පි. 219)

ඔක්කම්ම

පු.ක්‍රි. ඉවත්ව, පහව, පැමිණ. (පි. 219)

ඔක්කමි

ක්‍රි. (අව+කමු √ භු. පදගතියං, පහව යෑමෙහි +ඊ) පැමිණියේය. නින්දට වැටුනේය. “මුහුත්තෙන නිද්දං ඔක්කමි.” (පි. 219)