සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 327
ඔක්කමිංසු
ක්රි. අව+කමු. √ පදගතියං, පහව යෑමෙහි +සු) පැමිණියාහුය, ගියාහුය, පහව ගියාහුය. “තෙ භික්ඛු ගාම සීමං ඔක්කමිංසු.” (පි. 219)
ඔක්කමිත්වා
පු.ක්රි. (අව+කමු+ඉ+ත්වා) පැමිණ, වෙත ඉවත්ව, පැමිණ, “ආයස්මා ආනන්දො අන්තරා මග්ගේ ගුළකරණං ඔක්කමිත්වා.” (පි. 219)
ඔක්කලං
න. උත්කල ජනපදය. (පි. 219)
ඔක්කස්ස
ති. බලෙන් ඇද, තමා වෙතට ඇද. (පි. 219)
ඔක්කාචිතවිනීත
ති. නොහික්මුණු, හික්මීමක් නැති, නොදැමුණු. (පි. 219)
ඔක්ඛායති
ක්රි. (අව+ඛී. √ කි. ඛයෙ, ක්ෂය වීමෙහි +ති) ක්ෂය කරයි, පහතට හැරෙයි, නැඹුරු කරයි. (පි. 219)
ඔක්ඛායික
ති. ගැඹුරු, ඈත, දුර, පහතට නැඹුරු වූ. (පි. 219)
ඔක්ඛිත්ත
ති. (අව+ඛිප+ත) යටහෙලු, බිම බැලූ, පහතට හරවනලද, යටට දමනලද. (පි. 219)
ඔක්ඛිත්තචක්ඛූ
ති. යටට හෙලූ ඇස් ඇති, බිම බලාගත් ඇස් ඇති, පහතට නමාලූ ඇස් ඇති, බිම බැලූ. “සො භික්ඛු ඔක්ඛිත්ත චක්ඛු ඉරියාපථ සම්පන්නො ගාමං පිණ්ඩාය පාවිසි.” (පි. 219)
ඔක්ඛිත්තලොචන
ති. බිම හෙලූ ඇස් ඇතිව, පහත හෙලන ලද ඇස් ඇතිව, “ආයස්මා ආනන්ද ත්ථෙරො ඔක්කිත්තලොචනෙන අන්තර ගාමං පිණ්ඩාය චරිත්වා.” (පි. 219)
ඔක්ඛිපති
ක්රි. (අව+ඛිප+ √ භු. ඛෙපනෙ, තැබීමෙහි +ති) පහතට හරවයි, බිමට නමයි. (පි. 219)
ඔකාර
න. ලාමක භාවය. පඤ්චස්කන්ධය. “කාමානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං දෙසෙත්වා.” (පි. 219)
ඔකාස
අ. අවකාසය, අවසරය, ඔකාසං දෙති ඔකාසං යාචති.
පු. අවසරය, අවකාසය, හේතු, ස්ථාන, ආධාරකාරකය. (පි. 219)
ඔකාස කිච්ච
න. අවකාශ ලබාගැන්ම, ඉඩ ලබාගැන්ම. (පි. 219)
ඔකාස නිමිත්ත
න. ඔකාස නිමිත්ත, කෙසාදි කොටස් ගැණ භාවනා කරන ක්රමයක්. (පි. 220)
ඔකාස පරිකප්ප
න. ඉඩ-අවකාස කල්පනා කර ගැනීම, දෙවැදෑරුම් පරිකප්පාවහාරයන්ගෙන් එකක්. (පි. 220)
ඔකාසකම්ම
න. අවසර ලබාගැනීම, ඉඩ ලබාගැනීම. (පි. 219)
ඔකාසති
ක්රි. (අව+කාස √ භු. දිත්තියං, බැබලීමෙහි +ති) බබලයි, දකියි. (පි. 220)
ඔකාසතො
අ. අවකාශ හෙයින්, අසුභ කමටහනේ නිමිති ගන්නා ක්රමයක්. (පි. 220)
ඔකාසපුච්ඡා
ඉ. අවකාශ ඉල්ලීම, ස්ථානය විචාරීම. (පි. 220)
ඔකාසසෙනාසන
න. විවේක සෙනසුන, සිවු වැදෑරුම් සෙනසුන්වලින් එකක්. (පි. 220)
ඔකිණ්න
ති. ගැවසීගත්, මිශ්ර වන ලද. “ඔකිණ්ණො විහරාමි හත්ථිහි හත්ථිකලභෙහි හත්ථිච්ඡාපෙහි.” (පි. 220)
ඔකිරණ
න. විසිරවීම, ඉසිරවීම. (පි. 220)
ඔකිරති
ති. (අව+කිර √ භු. විකිරණෙ, විසිර වීමෙහි +ති) විසුරුවයි ඉසියි. (පි. 220)