සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 325
එහි භික්ඛු චීවරං
න. එහි භික්ෂු චීවරය, ඍද්ධියෙන් උපන් සිවුර, විසිතුන් වැදෑරුම් පාංශුකූල චීවරයන්ගෙන් එකක් “එහි භික්ඛු චීවරන්ති ඉද්ධිමයෙන නිප්පන්නං චීවරං.” (පි. 218)
එහි භික්ඛුක
ති. එහි භික්ෂු භාවයෙන් උපසපන් වූ තැනැත්තා. (පි. 217)
එහි භික්ඛුනී
ඉ. එහි භික්ෂුපසම්පත්තියෙන් උපසම්පදාව ලැබුවා වූ මෙහෙණ. (පි. 218)
එහි ස්වාගත
ති. යාළු මිත්රයෙකු පිළිගන්නා විට පාවිච්චි කරන වචන, මෙහි එන්න, ඔබගේ පැමිණීම යහපත්ය, ඔබට යහපතක් වේවායි ආදි ආසිංසනාත්මක වචන. (පි. 218)
එහිසාගත
ති. යාළු මිත්රයෙකු පිළිගන්නා විට පාවිච්චි කරන වචන, මෙහි එන්න, ඔබගේ පැමිණීම යහපත්ය, ඔබට යහපතක් වේවායි ආදි ආසිංසනාත්මක වචන. (පි. 218)
එළ
න. දෝෂය, ජලය, එල. (පි. 218)
එළක
පු. එළුවා, එළිපත, එළිපත්ත. (පි. 218)
එළක චතුක්ක
පු. එළක චතුෂ්කය ආනත්තර්ය කර්ම විභාගයේ එක් කොටසක්. (පි. 218)
එළක චම්ම
න. එළු සම්, තිරෙළු සම්, දක්ෂිණාපථස්ථ භික්ෂූන්ට මේවා පාවිච්චි කිරීමට අනුදැන වදාරා ඇත. (පි. 218)
එළක පාදපීඨ
න. එළුවන්ගේ පා වැනි පා ඇති පුටු විශේෂයක්. (පි. 218)
එළක ලොම
න. එළුලොම්, එනම් ශික්ෂා පදය, තෙලෙස් සමුට්ඨානයන්ගෙන් එකක්. (පි. 218)
එළක සංවාස
න. එළුවන්ගේ එක්වීම. කථා බහක් නොමැතිව නිශ්ශබ්දව එක තැන විසීම. “එළක සංවාසඤ්ඤෙව කිර මෙ භික්ඛවෙ මොඝපුරිසාවුත්ථා සමානා.” (පි. 218)
එළගල
පු. තුවර ගස, කලිල ගස, කෙළ තොල්ලා, කෙළ වැගිරෙන වචන ඇත්තා. (පි. 218)
එළගල වාචා
පු. කෙළ තොලු වචන ඇත්තා. කථා කරන්නට සැරසෙන විට මුවින් කෙළ වැගිරෙණ අය. “අයං ධනපාලො හොති දුබ්බතො එළගල වාචො.” (පි. 218)
එළමුඛ
පු. නිතර මුවින් කෙළ වැගිරෙන්නා, කෙළතොලු අය, පැවිදි නොකට යුතු පුද්ගලයෙක්, “එළමුඛොති නිච්චං පග්ඝරිතලාල මුඛො, එළමුගොපි වුච්චති.” (පි. 218)
එළමූග
පු. කථාකරන්නට ද අසන්නට ද නොහැකි තැනැත්තා. කෙළතොල්ලා. (පි. 218)
එළා
ඉ. කෙළ, එන්සාල්, එන්සාල්ඇට. (පි. 218)
එළාලුක
න. නව මහා ඵලයන්ගෙන් එකක්වූ කැකිරි, කැකිරි ඵලය, කැකිරි වැල. (පි. 218)
ඔ
අ. පාලි වර්ණමාලාවේ අටවැනි ස්වරය, අනුමතාර්ථ, බ්රහ්ම, විෂ්ණු, මහෙශ්වර යන අර්ථයන්හි යෙදෙන අව්යයක්. (පි. 218)
ඔක
න. ගෙය, දිය, ජලය, ආධාරය. (පි. 219)
ඔකප්පන
න. ඇදහීම, සිතීම, කල්පනා කිරීම. (පි. 219)
ඔකප්පනසද්ධා
ඉ. ඇදහීමෙන් ඇතිවූ ශ්රද්ධාව. (පි. 219)
ඔකප්පනීය
ති. ඇදහිය යුතු වූ, ඇදහිලි කටයුතු වූ. (පි. 219)
ඔකපුණ්න
න. දිය පිරුණු, දියබත්වූ, “ඔකපුණ්නෙහි චීවරෙහි.” (පි. 219)