සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 324
එවකාර
පු. එව යන නිපාත ශබ්දය එවකාර නමි. (පි. 216)
එවම්පි
ති. උපමා, වචන ප්රතිග්රහණ, නියම, නින්දා, ඉදම් ශබ්දාර්ථ, ප්රමාණ, ප්රශ්නය මේ අරුත්හි වැටේ. (පි. 217)
එවරූප
ති. මෙබඳු, මෙයාකාර, මෙවැනි. (පි. 217)
එවස්සු
අ. (එවං_අස්සු) මෙසේ වූහ. (පි. 217)
එවාහං
අ. (එවං+අහං) එබඳු වූ මම. (පි. 217)
එවුමං
අ. එවැනි, එසේ. (පි. 217)
එස
√ භු. ගතියං යාමෙහි, එසති, සොයයි, යෙයි. (පි. 217)
එසති
ක්රි. (එස √ භු. ගතියං, යාමෙහි +ති) යෙයි, සොයයි. (පි. 217)
එසන
න. සෙවීම, බැලීම, පරියෙසණය, ආමිෂ සෙවීම. (පි. 217)
එසනා
ඉ. (එස+න+ආ) සෙවීම, ආමිෂ සෙවීම. (පි. 217)
එසනාසුද්ධි
ඉ. ධාර්මිකව සිවුපස සෙවීම. (පි. 217)
එසා
ඉ. මෑ, මෝ තොමෝ, “එසා යක්ඛිනීථ දාරකං මා පස්ස.” (පි. 217)
එසි
ති. සොයන්නා, සොයන තැනැත්තා. (පි. 217)
එසිකා
ඉ. ඉන්ද්රකීලය, එසිකා ස්ථම්භය, ඇතුළු නුවර හෝ පිට නුවර නගරාලඞ්කාරය සඳහා ගල්වලින් හෝ ලීයෙන් කළ කුළුණක්. (පි. 217)
එසිත
ති. පරියෙසිත, සොයන ලද. (පි. 217)
එසු
√ භු. ගතිය, යාමෙහි, එසති, සොයයි. (පි. 217)
එසූකාරී
පු. පෙර බරණැස විසූ රජෙක්, බුද්ධ කාලයේදී සුද්ධොදන රජුය. (පි. 217)
එසො
අ. එත ශබ්දයාගේ ප්රථමා එකවචන රූපය, මෙතෙම, මේ තෙම, “එසො මං අක්කමි.” (පි. 217)
එහලොකික
පු. ඓහලෞකික, මෙලොවට අයත්, මෙලොව වින්දයුතු. (පි. 217)
එහි
ක්රි. (ඉ. √ භු. ගතියං, යාමෙහි +හි) එව, මෙහි එව.
අ. එව, වරෙන්, ඉම ශබ්දයාගේ තෘතීයා පඤ්චමී බහුවචනය. (පි. 217)
එහි පස්සික
පු. එව බලවයි දැක්විය යුතු ගුණ ඇති, එව, බලවයි කීමට සුදුසු, නව ලොවුතුරා දහම්හි එක් ලක්ෂණයක්. “ස්වාක්ඛාතො භගවතා ධම්මො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති.” (පි. 217)
එහි භදන්තික
පු. නිමන්ත්රණයක් භාරගන්නා තැනැත්තා. (පි. 217)
එහි භික්ඛු
පු. “එව මහණ යි” වදාරණ බුද්ධ වචනය හා ම ඍද්ධියෙන් ලැබෙන පාත්ර සිවුරු දරව පිහිටන ශ්රමණභාවය ඇති භික්ෂුව, එසේ ලැබෙන මහණ උපසම්පදාව. “තෙ සබ්බෙ එහ භික්ඛූභාවෙ නෙව පබ්බජිත්වා අරහත්තං පත්වා පරිනිබ්බායිංසු.” (පි. 217)
එහි භික්ඛු උපසම්පදා
ඉ. “එහි භික්ඛු චර බ්රහ්මචරිය, සම්මා දුක්ඛස්ස අන්තකිරියාය.” යනාදි වශයෙන් දෙන උපසම්පදාව, අට වැදෑරුම් උපසම්පදාවන්ගෙන් එකක්. (පි. 217)