සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 323
එරණ්ඩ
පු. එරඬු, එඬරු, එඬරු ගෙඩි. (පි. 216)
එරණ්ඩති
ක්රි. (එරඩි √ භු. හිංසායං, වධයෙහි + ති) හිංසා කරයි. (පි. 216)
එරණ්ඩතෙල
න. එරඬු තෙල්. (පි. 216)
එරණ්ඩී
√ භු. හිංසායං, වධයෙහි, එරණ්ඩති, හිංසා කරයි. (පි. 216)
එරාවත
පු. එනම් ඇතා, සක්දෙවිඳුගේ එරාවන නම් ඇතා, නාරංගස. (පි. 216)
එරිත
ති. කම්පාවන ලද, චලනය වන ලද. (පි. 216)
එරෙති
ක්රි. (ඊර √ චු. කම්පනෙ, චලනය වීමෙහි +ණෙ+ති) කම්පා කරවයි. (පි. 216)
එල
√ චු. කම්පනෙ, කම්පාවීමෙහි, එලෙති, කම්පාවෙයි.
න. එන්සාල්, එන්සාල් ගස.
න. දෝෂය, වැරැද්ද, ජලය, “එලං වුච්චති උදකං.” (පි. 216)
එලක
න. එළිපත්ත, එළුවා. (පි. 216)
එලගල
ති. කෙලතොලු, ජඩ, තුවර ගස.
ඉ. කුඩා පැලෑටි වර්ගයක්. (පි. 217)
එලග්ග
ති. කාමාදියෙහි ඇලුණු. (පි. 217)
එලජ
න. පියුම්, නෙළුම්. (පි. 216)
එලම්බරක
න. මිදි වැල් විශේෂයක්. (පි. 217)
එලම්බරික
ති. දියෙහි වූ. (පි. 217)
එලම්බරිය
ති. ජලයෙහි උපන්. (පි. 216)
එලම්බුජ
පු. එල නම් දියෙන් උපන්. (පි. 217)
එලමූග
පු. කියන්නට ද අසන්නට ද නොහැකි තැනැත්තා. (පි. 217)
එලා
ති. එන්සාල්, කෙල, බීරා. (පි. 217)
එලාලුක
න. කැකිරි නවමහාඵලයන් ගෙන් එකක්. (පි. 217)
එලි
ඉ. විලුඹ. (පි. 217)
එව
ති. අවධාරණාර්ථයෙහි නිපාතයක්, නිදර්ශන, ආකාර, උපමා, සම්ප්රහර්ෂණ, උපදෙශ, වචන පිළිගැන්ම, නින්දා, ඉදමත්ථි යන අරුත්හි වැටේ. (පි. 217)
එවං දිට්ඨි
න. මෙබඳු දෘෂ්ටියක් දරණ, “පායාසි රාජඤ්ඤස්ස එවං දිට්ඨි උප්පාදි.” (පි. 217)
එවං නාම
ති. එබඳු නමක් ඇති. (පි. 217)
එවංස
අ. එවැනි, එබඳු, “එවං ස තෙ ආසවා විඝාත පරිලාභා.” (පි. 217)