සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 322

එතාදිස

ති. මෙබඳු, මෙවැනි, මේ ආකාර. (පි. 216)

එතාවන්ත

පු. මෙපමණ. මෙම ප්‍රමාණ. (පි. 216)

එති

ක්‍රි. (ඉ √ භු. ගතියං, යාමෙහි +ති) එයි, ආගමනය කරයි. (පි. 216)

එතිහ

න. උපදෙශ පරම්පරාව, ඉතිහාසය. (පි. 216)

එථ

ක්‍රි. (ඉ √ භු. ගතියං, යාමෙහි +ථ) එව, එවු, එන්න, “එථ මයං ආවුසො සමණස්ස ගොතමස්ස සන්තිකං ගන්තුං.” (පි. 216)

එදචාරිකවත්ත

න. වස ඇතුළත හුදකලා වසන්නහු විසින් පිරිය යුතු වත, එනම් භාවනාව, “තෙභික්ඛු අන්තො වස්සෙ එක චාරිකවත්තං පූරයිංසු, සද්ධිං චෙව එක චාරික වත්තන්ත භාවනා කම්මංච.” (පි. 210)

එදදෙවසික

න. එක් දවසක, එක දිනයකම. (පි. 211)

එදපුග්ගල

පු. එක පුද්ගලයා, බුදුරජානන් වහන්සේ, “එකපුග්ගලො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය දෙවමනුස්සානං.” (පි. 212)

එදභත්තික

පු. එක් වේලක් පමණක් වළඳන තැනැත්තා. (පි. 211)

එදි

ති. මොහු මෙන් ඔහු දකී යන අර්ථයෙහි. (පි. 216)

එදික්ඛ

ති. මොහු මෙන් ඔහු දකී යන අර්ථයෙහි. (පි. 216)

එදිස

ති. මෙබඳු, මෙයාකාර. (පි. 216)

එදිසක

ති. මෙබඳු, මෙවැනි. (පි. 216)

එධ

√ භු. වුද්ධියං, වැඩීමෙහි, එධති, වැඩෙයි, ලබයි.
පු. දර, ගින්දර. (පි. 216)

එධති

ක්‍රි. (එධ √ භු. වුද්ධියං, වැඩීමෙහි +ති) වැඩෙයි, ලබයි. (පි. 216)

එනං

ති. මේ යන අර්ථ ඇති සබ්බනාම ශබ්දයක්. (පි. 216)

එනිජ්ජක

න. එනම් මුවසම්වලින් අතුරණ ලද. (පි. 216)

එරක

ති. එනම් තෘණ විශේෂයක්, එරු. (පි. 216)

එරකච්ඡ

පු. දඹදිව පුරාණ නුවරක්. (පි. 216)

එරකදුස්ස

න. එරුහුයෙන් කළ වස්ත්‍ර-සිවුරු. (පි. 216)

එරකපත්ත

න. එරුපත් කොළ, එනම් නාගයා. (පි. 216)

එරකවත්තික

න. දෙතිස් වධයෙන් එකක්. (පි. 216)

එරගු

න. ඝනවූ එක් තෘණ විශේෂයක්, එරු තණ. (පි. 216)

එරණක්ඛම

ති. එසවිය හැකි බව, නගාලිය හැකි බව. (පි. 216)