සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 321
එකෙකලිඞ්ග
න. එකි එකි ලිඞ්ග ඇති නාමය, එකෙකලිඞ්ගය. (පි. 215)
එකො
ති. එකෙක්, එක් පුද්ගලයෙක්. (පි. 215)
එකොදි
අ. එකඟ, සමාධිය. (පි. 215)
එකොදිභාව
පු. එකඟබව, අවික්ෂිප්තභාවය, “එකො උදෙතීති එකොදි.” (පි. 215)
එකොදිභුත
ති. එකඟ වූ, සමාධිගත වූ. (පි. 215)
එජ
√ භු. දිත්තියං, බැබලීමෙහි, ඒජති, බබලයි.
√ භු. කම්පනෙ, කම්පාවෙහි, ඒජති, සැලෙයි. (පි. 215)
එජති
ක්රි. (එජ. √ භු. කම්පනෙ, දිත්තියං, කම්පාවෙහි, බැබලීමෙහි +ති) කම්පාවෙයි, බබලයි. (පි. 215)
එජා
ඉ. තණ්හාව, ආසාව, තෘෂ්ණාව. (පි. 215)
එටති
ක්රි. (ඉට √ භු. ගතියං, යාමෙහි. ඉ=එ+ති) යෙයි. (පි. 215)
එට්ඨි
√ සෙවීමෙහි, බැලීමෙහි, එස √ ස=ට්ඨ ඉ. සෙවීම.
න. (එස+ති) සෙවීම, සිවුපසය, සෙවීම, කැමැතිවීම. (පි. 215)
එට්ඨිසුද්ධි
ඉ. පිරිසිදුව සිවුපසය සෙවීම, එසන සුද්ධිය. (පි. 215)
එඨ
√ භු. බාධායං, පෙළීමෙහි, එඨති, පෙළයි. (පි. 215)
එඨති
ක්රි. (√ භු. බාධායං, පෙළීමෙහි +ති) පෙළයි. (පි. 216)
එණිජඞ්ඝ
පු. එණිමුවන්ගේ කෙණ්ඩය, බුදු රජ. (පි. 216)
එණිමිග
පු. එණි මෘගයා, එණිමුවා. (පි. 216)
එණී
පු. එණි නම් මුවා. (පි. 216)
එණෙය්ය
පු. එණි මෘගයාට අයිති, එණිමුවාට අයත්. (පි. 216)
එණෙය්යක
පු. ඒණි මෘගයා පිළිබඳ, එනම් වධයක්. (පි. 216)
එතරහි
අ. දැන්, මේ කාලයෙහි. “එතරහි මනුස්සා දුට්ඨා, අධම්මිකා, අධම්මික බහුලා හොන්ති.” (පි. 216)
එත්තක
ති. මෙපමණ, මෙම ප්රමාණ “එත්තකෙහි පමාණං.” (පි. 216)
එත්තතො
අ. මෙපමණින්, මෙතකින්. (පි. 216)
එත්තාවතා
අ. මෙපමණින්, මෙපමණකින්. පරිච්ඡෙදාර්ථයෙහි. (පි. 216)
එත්තො
අ. මෙපමණින්, මෙපමණ. (පි. 216)
එත්ථ
අ. මෙහි. කාල දෙශ ප්රදේශ අවස්ථා ආදියෙහි. (පි. 216)