සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 320
එකාදස-වර
න. විශාඛාව ලද වර අටත්, සුදොවුන් රජ, ජීවකයන් හා මහාප්රජාපතීන් ලද වර තුණත් සමග වූ වර එකොළොස. (පි. 215)
එකාදසම
ති. එකොළොස්වෙනි. (පි. 215)
එකානික
ති. තමාම. (පි. 215)
එකාභිධාන
න. නානාවිධ පදාර්ථ එක්විට කීම. (පි. 215)
එකායන
න. (එක+අයන) එකමාර්ගය. ආර්ය්යමාර්ගය. (පි. 215)
එකායන මග්ග
පු. එකායනමාර්ගය, ආර්ය්ය මාර්ගය. (පි. 215)
එකාරක්ඛ
පු. එකම ආරක්ෂකයෙක් ඇති. (පි. 215)
එකාරම්මණ
න. එකක් අරමුණු කොට ඇති, එක අරමුණ. (පි. 215)
එකාලම්බණ
න. එක්වස්තුවක එල්ලීම, අරමුණු ගැනීම. (පි. 215)
එකාලොපික
පු. එක ආලොපයකින් ජීවත් වන්නා. (පි. 215)
එකාසන
න. එක ආසනය, එක ආසනයක් ඇත්තා, එක අසුනක හිඳ වැළඳීම. (පි. 215)
එකාසන භොජන
න. පෙරවරු ආහාර අනුභවය. (පි. 215)
එකාසනික
ති. එක ආසනයක් අයිති, එක ආසනයකට හිමි. (පි. 215)
එකාසනිකඞ්ග
න. දෙවෙනි ආසනයක් නොගෙන එක ආසනයකම සිට දන්වැළඳීමෙන් පුරණ අඞ්ගයක්, තෙලෙස් ධුතාඞ්ගයන්ගෙන් එකක්. (පි. 215)
එකාහ
න. එකදවස, එකදිනය. (පි. 215)
එකාහික
ති. (එක+ආහික) එක දවසකට අයිති. (පි. 215)
එකිකා
ඉ. හුදකලාවූ තැනැත්තී. (පි. 215)
එකීභාව
පු. හුදකලා බව, සමාධිය. (පි. 215)
එකුත්තරික
පු. අඞ්ගුත්තර නිකායට කියන අන්ය නමක්. (පි. 215)
එකුද්දෙස
පු. එකට උදෙසීම. (පි. 215)
එකූන
ති. එකක් අඩු “එකූන වීසති.” (පි. 215)
එකූනවීසති ධම්ම
පු. පාපිච්ඡතා, අත්තුක්කංසන පරවම්භනතා ආදි එකුන්විසි දුර්වලධර්ම. (පි. 215)
එකූනවීසති පාරාජිකා
ඉ. මෙථුන ධම්ම, අදින්නාදන ආදි එකුන්විසි පාරාජිකා. (පි. 215)
එකූප්පාද
පු. එකට ඉපදීම, එකට ඉපදීම ඇති. (පි. 215)