සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 319

එකසෙය්‍යා

ඉ. එක සෙනාසනය, එක සයනය, “දුක්කරං ජිවිං එකභත්තං එකසෙය්‍යා.” (පි. 212)

එකසෙස

පු. සමාන වූ පදව්‍යඤ්ජනයන්ගෙන් එකක් ඉතුරු කිරීම. (පි. 214)

එකසො

අ. එකවිධියකින්, එක්පරිද්දකින්. (පි. 214)

එකහත්ථ

පු. එක් අතක් පමණක් ඇත්තා. (පි. 212)

එකාකී

ති. හුදකලාවූ.
ති. අසහාය දෙය. (පි. 214)

එකාගාරික

පු. එක ගෙයකට අයත්, එක ගෙයක් ව‍ටකොට පැහැර ගැනීම, සොරා. (පි. 214)

එකාදස

එ‍කළොස 11, එකකින් වැඩි දශය, එකළොස්වන දවස. (පි. 215)

එකාදස අග්ගි

ඉ. රාගදොස මෝහාදි එකොළොස් ගිනි. (පි. 214)

එකාදස අන්තරා

ඉ. නසි අනිමිත්තා, නසි නිමිත්ත මත්තා ආදි එකොළොස් අනතුරු. මේවා උපසපන් කැමැති සාමණෙරියකගෙන් අසනු ලැබේ. (පි. 214)

එකාදස අරුණුග්ගමන

න. එකොළොස්වන අරුණ නැඟීම, කඨිනොද්ධරණය කළ භික්ෂුනමට දස දවසක් අතිරෙක චීවරයක් දැරිය හැකිය. (පි. 214)

එකාදස ආදීනව

පු. අනධිගතං නාධිගච්ඡති යනාදි දොස් එකොළොස, සබ්‍රහ්මචාරීන්ට දොස් දක්වන භික්ෂූහු කෙරෙහි මේ ආදිනව එකොළොස දක්නට ඇත. (පි. 214)

එකාදස-අන්තරායික ධම්ම

පු. එකොළොස් වැදෑරුම් අන්තරායකර ධර්‍ම. (පි. 214)

එකාදස-අභබ්බ

ති. එකොළොස් වැදෑරුම් අභව්‍යයෝ. (පි. 214)

එකාදස-අවන්දිය

ති. නොවැදිය යුතු එකොළොස් දෙන. (පි. 214)

එකාදස-ආචරියවාද

පු. ස්ථවිර වාදයෙන් වෙන් වී ගිය ආචාර්‍ය්‍යවාද එකොළොසක්. (පි. 214)

එකාදස-ආනිසංස

ති. සුඛං සුපති යනාදි මෙත් වැඩීමෙහි ඇති අනුසස් එකොළොස. (පි. 214)

එකාදස-උපක්කිලෙස

පු. විචික්ච්ඡා, අමනසිකාර, ථීනමිද්ධ ආදි දිව ඇස අපිරිසිදු කරන එකොළොස් උපක්ලේශ. (පි. 214)

එකාදස-ගණ්ඨිකා

ඉ. අට්ඨිමය, දන්තමය, විෂාණමය ආදි එකොළොස් වැදෑරුම් ගණ්ඨි. (පි. 214)

එකාදස-පද

න. එකොළොස් ආක්‍රෝශ පද. (පි. 214)

එකාදස-පරම

න. දසාහපරමං අතිරෙක චීවරං ඌනස්ස පාරිපුරියා මාසපරමං යනාදි වශයෙන් පරම ශබ්දයෙන් යුතුව පැණවූ ශික්ෂා පද එකොළොස. (පි. 214)

එකාදස-පරික්ඛාර

පු. අටපිරිකර, පසතුරුණ සම්කඩ, සැරයටිය යන තුනත් සමග වූ පිරිකර එකොළොස. (පි. 215)

එකාදස-පාදුකා

ඉ. අකැප පාදුකා එකොළොස. (පි. 215)

එකාදස-මාස

අකාල චීවරයට නියමිත එකොළොස්මස. (පි. 215)

එකාදස-රාග

ති. මොචනස්සාද, මුච්චනස්සාද ආදී ආස්වාද එකොළොස. (පි. 215)