සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 318
එකලක්ඛණ
ති. එකම ස්වභාවය ඇති, එක ලක්ෂණය ඇති. (පි. 211)
එකවචන
න. එකක් පිළිබඳ වචනය, එක අර්ථයක් කීම. (පි. 214)
එකවට්ට
න. එක්වැල, එක්වැල රැහැණ. (පි. 211)
එකවත්ථුක
පු. එකක් වස්තුකොට ඇති. (පි. 214)
එකවස්ස
ති. උපසපන් වීමෙන් එක වසක් ඇති, එක වසක් ඇති, “කතිවස්සොසි ත්වං ආවුසො, එකවස්සො අහං භන්තෙ.” (පි. 211)
එකවාචා
ඉ. එක් වචනය, එක් වරක් පමණක් කීම. (පි. 211)
එකවාචිකා
ඉ. එක්වරක් කීම, උපසම්පදා කර්මවාක්යය එක් වරක් පමණක් ඇස්වීම. (පි. 211)
එකවාර
න. එකම වාරය. (පි. 214)
එකවිධ
ති. එක්විධිය, එක්ප්රකාරය, එකාකාරය. (පි. 214)
එකවිහාරි
ති. හුදකලා විසීම් ඇති, තනිව වසන. (පි. 211)
එකවීසති
ඉ. එක් විස්ස, එකකට වැඩි විස්ස. (පි. 211)
එකවොකාර
පු. එක් සම්බන්ධයකින් යුත් භවය, අසඤ්ඤසත්තය. (පි. 214)
එකවොකාරභව
පු. අසඤ්ඤසත්තභවය. (පි. 214)
එකසංඛ්යාත
න. එකට පිඩුකිරීම, එකට ගැටීම. (පි. 214)
එකසංවච්ඡර
පු. එක සංවත්සරය, එක අවුරුද්ද. (පි. 212)
එකසඞ්ඝාත
පු. (එක+සං+හන=ඝාත+අ) එක යුද්ධයක්, එක සටනක්, “නාහං පටිබලො පසෙනදි කොසල රඤ්ඤා එක සඞ්ඝාත ම්පිසහිතුං.” (පි. 211)
එකසත්තතිවත්ත
න. එක් සැත්තෑවකවත්, චුල්ලවග්ගපාලියෙහි පාරිවාසිකක්ඛන්ධකයෙහි මේ එක්සැත්තෑවක්වත් ඇත. (පි. 211)
එකසදිස
ති. එක සමාන. (පි. 214)
එකසම
ති. සමාන. (පි. 214)
එකසම්භොග
ති. එකම සම්භොගය ඇති, ආමිෂ හා ධර්ම යන සම්භොග ඇති, එබඳු භික්ෂූවරයා. (පි. 212)
එකසාටක
පු. එක් සළුවක් ඇත්තා. (පි. 214)
එකසාලක
ති. එකම ශාලාවක් ඇති, එවැනි ආරාමය. (පි. 212)
එකසිඛා
ඉ. කෙස්රොද, “අන්තමසො එකසිඛාමත්ත ධරොපි සො භණ්ඩුම්මං ආපුච්ඡිත්වා ව. පබ්බාජෙතබ්බො.” (පි. 212)
එකසීමා
ඉ. එකම සීමාව, පොහෝ පවුරුණු කරන එක සීමාව, එබඳු සීමා ගෙය. (පි. 212)