සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 497

ථම්භෙරම

පු. ඇතා, හස්තියා. (පි. 311)

ථර

√ භු. සන්ථරණෙ, ඇතිරීමෙහි, ථරති සන්ථරති අතුරයි, ආස්තරණය කරයි. (පි. 311)

ථරණ

න. ඇතිරීම, ඇතිරිලි ආදිය ඇතිරීම. (පි. 311)

ථරති

ක්‍රි. (ථර+ති) අතුරයි, ථරබලනු. (පි. 311)

ථරු

කඩු මිට, කඩුව. (පි. 311)

ථරුග්ගහ

පු. කඩු මිට අතටගැන්ම, කඩුව ගැනීම. (පි. 311)

ථල

√ භු. ඨානෙ, සිටීමෙහි, ථලති සිටියි. පිහිටයි.
න. ගොඩ, ගොඩබිම, ස්ථල. (පි. 311)

ථලි

ඉ. ගොඩ බිම. (පි. 311)

ථවිකා

ඉ. කොට්ටඋර ආදී, උරය, පසුම්බිය. (පි. 311)

ථා

√ භු. ගති නිවත්තිම්හි, ගමන් නැවැත්මෙහි, ථාති නවතියි, සිටියි, ගමන් වලකයි. (පි. 311)

ථාපනී

ඊ - දියමිත්ත. (පි. 311)

ථාම

පු. ශක්තිය, බලය. (පි. 311)

ථාමක

පු. ශක්තිමත්, බලවත්, ශක්තිය. (පි. 311)

ථාමවන්ත

පු. බලවතා, ශක්ති ඇත්තා. (පි. 311)

ථාර

න. පැදුර, (පි. 311)

ථාල

න. තැටිය, දීසිය, භාජනය. (පි. 311)

ථාලක

න. තලු තැටිය, භික්ෂූන්ගේ පැන් බොන තැටිය. (පි. 311)

ථාලි

ති. සැලිය, හැලිය. (පි. 311)

ථාලිකා

ඉ. ධාන්‍ය මැණීමේ භාජනයක්, සේරුව. (පි. 311)

ථාලිපාක

පු. සැලිබත, පිසූ සැලිය පිටින්ම ගනු ලබන බත. (පි. 311)

ථාවර

ති. ස්ථාවර වස්තු, තහවුරු. (පි. 312)

ථාවරිය

න. තද කම, දැඩිබව, තහවුරු බව. (පි. 312)

ථාවරෙය්‍ය

න. ස්ථවිර භාවය, වයසට ගිය බව. (පි. 312)

ථිත

√ තු - සංඝාතෙ, ගැටීමෙහි, රැස්කිරීමෙහි. (පි. 312)