සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 498

ථිම

√ භු. සංඝාතෙ, ගැටීමෙහි, රැස්කිරීමෙහි, ථිමති ගැටෙයි, රැස්කෙරෙයි. (පි. 312)

ථිම්භන

න. තදකිරීම. (පි. 311)

ථිර

√ භු. දළ්හෙ, දැඩි බැව්හි, ථිරති, දැඩිකරයි.
ති. ස්ථිර, ශක්ති සම්පන්න, තර, තිර. (පි. 312)

ථිරංස

පු. ස්ථිරාවය. (පි. 312)

ථිරා

ඉ. අස්වැන්න. (පි. 312)

ථිරායු

ඉ. දීර්‍ඝායු ඇත්තා, ඉඹුල්ගස. (පි. 312)

ථී

ඉ. ස්ත්‍රී, අඞ්ගනාව, ඉතිරි. (පි. 312)

ථීධම්මිනී

ඉ. ඔසප් වූ ස්ත්‍රිය, මල්වර වූ තැනැත්තී. (පි. 312)

ථීන

න. ඝණ, බහල. (පි. 312)

ථීනමිද්ධ

න. කාය චිත්ත දෙදෙනාගේ අකර්‍මණ්‍ය ස්වභාවය, කය හා සිත ක්‍රියා කිරීමට නොනැවන නිද්‍රාව. (පි. 312)

ථීයති

ක්‍රි. (ථි+ය+ති) ශබ්ද කරයි. ථි බලනු. (පි. 312)

ථීයන

න. මැලිය, තෙමරිය. (පි. 312)

ථීරජ

න. ඔසප්, මල්වරවීම. (පි. 312)

ථු

√ භු. ථුතියං, ස්තුතියෙහි, ථවති, අභිත්ථවති පසසයි.
√ කි. ජීතියං, ප්‍රීතියෙහි, ථුනිති, ප්‍රීතිකරයි.
√ තු - අප්පික්‍රියායං, සුලුකිරීමෙහි.
√ කි. අභිත්ථවෙ, පැසසීමෙහි, ථුනාති, ස්තුතිකරයි.
√ කි. නිත්ථුනනෙ, නැටවීමෙහි, ථුනාති, නිත්ථූනාති ...... (පි. 312)

ථුච

√ භු. පසාදෙ, ප්‍රශාදයෙහි, ථොවති, පසසයි. (පි. 312)

ථුත

ති. පසස්නා ලද, ස්තුතිකරන ලද. (පි. 312)

ථුති

ඉ. ස්තුතිය, පැසසීම. (පි. 312)

ථුතිපාඨක

පු. ස්තුති පාඨකයා, වීර්‍ය්‍යාදීන් ස්තුති කරන්නා. (පි. 312)

ථුනාති

ක්‍රි. (ථූ+නා+ති) ...... (පි. 312)

ථුබ්බි

√ භු. හිංසායං, පෙළීමෙහි, ථුබ්බිති, පෙළයි. (පි. 312)

ථුල්ල

ති. පිරුණු, මහත්, සම්පූර්‍ණ. (පි. 312)

ථුල්ලක්කි

පු. ඉ. බොහෝ දෑ දෙන තැනැත්තා. (පි. 312)

ථුල්ලකුමාරි

පු. පතිකුලයකට නොගොස් ගෙයිම සිටින වයසට පැමිණි තරුණිය. (පි. 312)

ථුල්ලකුමාරිගොචර

පු. දීග නොගොස් සිටින වැඩිවිය පැමිණි යුවතීන් වසන තැනට පැමිණීම. (පි. 312)