සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 496

තොසෙති

ක්‍රි. (තුස. √ භු. තොසනෙ, සතුටු වීමෙහි +ඔ+ණෙ+ති) සතුටුකරයි, තුස බලනු. (පි. 310)

ථක

√ චු. ඡාදනෙ, වැසීමෙහි, ථකෙති ථකයති, වසයි.
√ චු. පතිඝාතෙ, ඡාදනයෙහි, ථකෙති, වසයි. (පි. 311)

ථකන

න. වැසීම. (පි. 311)

ථකෙති

ක්‍රි. (ථක √ භු. ඡාදනෙ, වැසීමෙහි +ණෙ+ති) වසයි. (පි. 311)

ථඤ්ඤ

න. තනකිරි, මව් තනකිරි. (පි. 311)

ථණ්ඩිල

න. උන්නතභූමි ප්‍රදේශය, රට. (පි. 311)

ථද්ධ

පු. ස්ථබ්ද, තද. (පි. 311)

ථද්ධමච්ඡරී

පු. තද මසුරා. (පි. 311)

ථද්ධලූක

පු. තද හා රළු. (පි. 311)

ථද්ධහදය

ති. තද පපුවක් ඇති. (පි. 311)

ථන

√ භු. සද්දෙ, ශබ්දකිරීමෙහි, ථනති, ශබ්ද කරයි.
√ චු. දෙවසද්දෙ, මෙඝ ගර්ජනාවෙහි, ථනෙති, ථනයති, අහස ගොරවයි.
පු. තනය, පියයුරු. (පි. 311)

ථනප

පු. තනබොන්නා, කිරිබොන දරුවා, බාලයා. (පි. 311)

ථනිත

න. මෙඝධ්වනිය, මෙඝනාදය. (පි. 311)

ථනෙති

ක්‍රි. (ථන √ චු. දෙවසද්දෙ, මෙඝ ගර්‍ජනාවෙහි +ණෙ+ති) ගොරවයි. ථන බලනු. (පි. 311)

ථපති

පු. වඩුවා, ඇමතියා. (පි. 311)

ථබක

පු. මල්කැණ, මල්කැකුල. (පි. 311)

ථභි

√ භු. ථම්භනෙ, ඔබා මැඩීමෙහි, ථම්භති, විත්ථම්භති, ඔබා තද කරයි. (පි. 311)

ථම

√ භු. අතිසීඝ වෙකල්ලෙසු, ඉතා ශීඝ්‍රයෙහි හා විකලභාවයෙහි, ථමති, ඉතා ශීඝ්‍රව යෙයි, විකල වෙයි. (පි. 311)

ථම්භ

පු. ටැඹ, පඳුර, ඇතුන් බඳිනා ටැඹ, ජඩබව.
√ භු. පතිබන්ධෙ, තදවීමෙහි (කි.සු.) ථම්භනාති, ථම්භණොති, තදකරයි. (පි. 311)

ථම්භක

පු. තදකරන්නා, තද ඇති. (පි. 311)

ථම්භකරී

පු. වී, ඇල් ආදි වී. (පි. 311)

ථම්භති

ක්‍රි. (ථභි √ භු. ථම්බනෙ, ඔබා මැඩීමෙහි +ති) තදකරයි. ථහි බලනු. (පි. 311)

ථම්භිත

ති. තද කළ, හිරකරන ලද. (පි. 311)

ථම්භිතත්ත

තද බව, හිර බව. (පි. 311)