සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 526

ධඤ්ඤකරණ

න. කලවිට, කමත. (පි. 326)

ධඤ්ඤඞ්ඛිල

න. කාඩි. (පි. 326)

ධඤ්ඤඞ්ග

පු. ධාන්‍යාවයව. (පි. 326)

ධඤ්ඤත්තව

පු. ධාන්‍යපොතු, වීපොතු. (පි. 326)

ධඤ්ඤමාස

පු. ඌකාසත ප්‍රමාණය, ඌකා බලනු. (පි. 326)

ධත

ති. දරණ ලද, උසුලන ලද. (පි. 326)

ධතරට්ඨ

පු. ධ්‍රතරාෂ්ඨ නම් වරම්රජ, ධතරට, කළුතුඩු හා පා ඇති හංසයා. (පි. 326)

ධන

√ චු. අභිලාසෙ, කැමැත්තෙහි, ධනෙති, කැමති වෙයි.
√ චු. සද්දෙ, ශබ්දයෙහි, ධනෙති, ධනයති, ශබ්ද කෙරෙයි.
න. මුක්තා මාණික්‍යාදි ධනය.
√ භු. සද්දෙ, ශබ්දයෙහි, ධනෙති, ශබ්ද කෙරෙයි. (පි. 326)

ධනක්කිත

පු. ධාන්‍යාදියෙන් ගත් දාසයා. (පි. 327)

ධනද

පු. වෙසමුනු රජ. (පි. 327)

ධනදප්ප

පු. ධනදර්‍පය, ධනය නිසා උපදිනා අහංකාරය. (පි. 327)

ධනරාසි

පු. ධනරාසිය, ධනසමූහය. (පි. 327)

ධනවන්තු

පු. ධන ඇත්තා, ධනවතා. (පි. 327)

ධනාගම

පු. ධනප්‍රාප්තිය, ධනලාභය. (පි. 327)

ධනි

පු. ධ්වනිය, ශබ්ද, හඬ. (පි. 327)

ධනික

පු. ධනවතා, ණය දුන් අය. (පි. 327)

ධනිට්ඨා

ඉ. දෙතේ නැකත. (පි. 327)

ධනිත

ති. ධ්වනිත, ධ්වනි යුක්තයා. (පි. 327)

ධනිය

පු. ධනවතා, වස්තු හිමියා. (පි. 327)

ධනී

පු. ධනවතා, ධනවන්තයා. (පි. 327)

ධනු

න. දුන්න, ධනු.
√ දි. යාවනෙ, ඉල්වීමෙහි, ධනීයති, ඉල්වයි. (පි. 327)

ධනුක

න. කුඩා දුන්න, කුඩා දුන්නෙන් කෙළීම. (පි. 327)

ධනුපඤ්වසත

න. දුනුපංසීයක් දුර,‍ කොෂය. (පි. 327)

ධනුස්සෙනි

පු. මොරගස. (පි. 327)