සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 525

දොස්නාරත්ති

ඉ. සඳරැසින් යුත් රාත්‍රිය. (පි. 325)

දොසා

ඉ. රාත්‍රිය. (පි. 325)

දොසිතා

ඉ. දොස් රහිත. (පි. 325)

දොසී

පු. දොස් ඇත්තා. (පි. 325)

දොසො

ඉ. රාත්‍රියෙහි. (පි. 325)

දොහ

න. කිරි දෙවීම, අනතුරු කිරීම. (පි. 325)

දොහති

ක්‍රි. (දුහ, √ භු. පපුරණෙ+ති) දොවයි. (පි. 325)

දොහළ

න. අසනීපය, ආශාව.
පු. තෘෂ‍්ණාව, ආසාව. (පි. 325)

ධංක

පු. කපුටා, කොකා. (පි. 326)

ධංඛ

√ භු. වස්සිතෙ, තිරිසන් හඬෙහි, ධඞ්ඛෙති, තිරිසන් නාද කරයි. (පි. 326)

ධංස

√ භු. නාසෙ, නැසීමෙහි, ධංසති, නසයි. (පි. 328)

ධංසති

ක්‍රි. (දසි √ භු. දංසනෙසු, නැසීමෙහි +ති) නසයි. (පි. 326)

ධංසන

න. නැසීම, ගැලවීම, ඩැහැගැනීම. (පි. 326)

ධංසිත

පු. ගිලිහුණු, නැසුණු. (පි. 326)

ධංසී

පු. නැසුණු තැනැත්තා. (පි. 326)

ධක

√ භු. ගතියං, යෑමෙහි, ධකති, යෙයි. (පි. 326)

ධක්ක

√ චු. නාසනෙ, නැසීමෙහි, ධක්කෙති, ධක්කයති, නසයි. (පි. 326)

ධකි

√ භු. ඉච්ඡායං, කැමතිවීමෙහි, ධඞ්කති, කැමතිවෙයි. (පි. 326)

ධජ

පු. ධජ, දද, ධ්‍වජය, කොඩිය.
√ භු. යාමෙහි, ධජති, යෙයි. (පි. 326)

ධජග්ග

න. කොඩියේ අග, එනම් සූත්‍රය. (පි. 326)

ධජවන්තු

පු. ධ්‍වජ බහුල රථාදිය. (පි. 326)

ධජි

√ භු. ගතියං, යාමෙහි, ධජති, යෙයි. (පි. 326)

ධජිනී

ඉ. සේනාව. (පි. 326)

ධඤ්ඤ

ති. පුණ්‍යවත්හු, පිණැත්තහු.
න. ධාන්‍යය, හැල්වී ආදිය. (පි. 326)