සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 160
ආකඩ්ඪන්ත
ති. (ආ+ √ කඩ්ඪ+අන්ත) අදින, අදිමින්. (පි. 116)
ආකඩ්ඪමාන
ති. ඉදිරියට අදිනුලබන්නා වූ, “ආකඩ්ඪමානා විසිඛා සමීපං.” (පි. 116)
ආකඩ්ඪිත
ති. ඉදිරියට අදිනාලද, ආකර්ෂණය කළ. (පි. 116)
ආකඩ්ඪිත්වා
පු.ක්රි. ඇද, ඉදිරියට ඇද, (පි. 116)
ආකති
ඉ. ආකෘතිය, ආකාරය, සැටිය, දෙවිසි අකුරකින් යුත් ඡන්දස ආකෘති නම් වේ. (පි. 116)
ආකතිගණ
පු. ආකෘතිගණය, සූත්රයන්ගෙන් සිද්ධවූ ශබ්දානුසාරයෙන් එසේ සිදුවීම් ඇති අන්ය ශබ්ද සමූහය. “ආකති ජාති වුච්චති තප්පධානා ගණා ආකතිගණා.” (පි. 116)
ආකන්තන
න. ලොකුවට කථා කිරීම, පූච්චම් දෙඩීම. (පි. 116)
ආකප්ප
පු. ආකල්පය, වෙශය, ආකාරය, සැටිය, ගමන ආදී ඉරියව් පැවැත්මෙහි ආකාරය, “ආකප්පෙන භික්ඛවෙ ඉත්ථිපුරිසං බන්ධති.” (පි. 116)
ආකප්පති
ක්රි. (ආ+කප්ප √ භු. සාමත්ථෙ, පොහොසත් බැව්හි +ති) පොහොසත් වෙයි කැපවෙයි. (පි. 116)
ආකප්පන
න. ආකල්පනය, සැරසීම. (පි. 116)
ආකප්පසම්පදා
ඉ. ආකල්ප සම්පත්තිය, ආකාරයාගේ සුවිනීත භාවය, “අද්ධමිදං භික්ඛවෙ ලාභානං යදිදං - ආකප්පසම්පදා.” (පි. 116)
ආකප්පසම්පන්න
ති. ආකල්පයෙන් යුත්, සැරසීමෙන් සම්පූර්ණ, ඉඳුම් සිටීම් ආදී ඉරියව් හොඳහැටි පවත්වන. “ආකප්පසම්පන්නොති සමණාකප්පෙන සම්පන්නො.” (පි. 116)
ආකප්පිත
ති. සරසනලද, සරසා පිළියෙල කළ, (පි. 116)
ආකම්පා
ඉ. ස්වල්පයක් කම්පාවීම, මදක් සෙලවීම, (පි. 116)
ආකම්පිත
ති. කම්පාවනලද, චලනය වන ලද. (පි. 116)
ආකර
පු. ආකරය, උත්පත්තිස්ථානය, හටගන්නා තැන. (පි. 116)
ආකරමුත්ත
න. ආකරයන්හි උපදින මුතු විශේෂයක්. (පි. 116)
ආකස්සති
ක්රි. (ආ+කස්ස √ භු. ගතියං, යාමෙහි +ති) අදියි, ඉදිරියට අදියි, ආකර්ෂණය කරයි. (පි. 116)
ආකස්සන
න. ආකර්ෂණය, ඉදිරියට ඇදීම. (පි. 117)
ආකාර
පු. සැටිය, සටහන, ආකෘතිය, ඉඟිය. පිළිවෙළ. අක්ඛර-පද-ව්යඤ්ජන-ආකාර-නිරුත්ති, නිද්දෙස, යන ව්යඤ්ජන පද ෂට්කයෙන් එකක්, “ඉතිසාකාරං ස උදද්දසං අනෙක විහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.” (පි. 117)
ආකාරක
පු. ආකෘති ඇත්තා, සටහන් ඇත්තා, ඉඟිඇත්තා. (පි. 117)
ආකාරපරිවිතක්ක
න. කරුණු පරීක්ෂාකිරීම, ස්වභාවය සෙවීම, ආකෘතිය සොයා බැලීම. (පි. 117)
ආකාරපුච්ඡා
ඉ. ආකාරය විචාරීම, ගිහි - තීර්ථක - පැවිදි ලිඞ්ගයන් ගැණ ප්රශ්නකිරීම, “ආකාරපුච්ඡා ති. ගිහිලිඞ්ගෙ වා තිත්ථිය ලිඞ්ගෙ වා පබ්බජිත ලිඞ්ගෙ වා.” (පි. 117)
ආකාරවන්ත
ති. කරුණු ඇති, හේතු ඇති, සටහන් ඇති, ආකෘති ඇති. (පි. 117)