සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 161

ආකාරාන්ත

පු. සා, මා, ආදී පුල්ලිඞ්ගික ශබ්ද, කඤ්ඤා, සද්ධා ආදී ස්ත්‍රීලිඞ්ගික ශබ්ද, දා, ධා ආදී ධාතූහුද ආකාරාන්ත නමි. (පි. 117)

ආකාස

පු. අහස, අනාවරණ ස්ථානය, හිස්, අහසෙහි කරන ක්‍රීඩා විශේෂයක්, ආකාශ කසිණය වැඩීමට අරමුණු වශයෙන් ගන්නා ආකාශය, කිසුණු ඉඟුලු අහස, කසිණු ගඝාටි මාකාසය. “න කස්සති න. නිකස්සති කසිතුං වා ජින්දිතුං වා න. සක්කාති ආකාසො.” (පි. 117)

ආකාසඅඞ්ගන

න. සඳලුතලය, සඳැල්ල. (පි. 117)

ආකාසක

ති. අහසෙහි වූ, වාතයට අයිති. (පි. 117)

ආකාසගඞ්ගා

ඉ. අහස් ගඟ, දිව්‍යනදිය. (පි. 117)

ආකාසගොත්ත

පු. ශල්‍යකර්‍මයට දක්ෂ වූ ආකාසගොත්ත නැමැති වෛද්‍යවරයා, “ආකාසගොත්තො වෙජ්ජො සත්ථකම්මං කරොති.” (පි. 117)

ආකාසචාරිකා

ඉ. අහස් ගමන, අහස්හි හැසිරීම. (පි. 117)

ආකාසචෙතිය

න. ආකාශ චෛත්‍යය, පර්‍වත ශිඛරයෙහි කළ දා ගැබ. (පි. 117)

ආකාසට්ඨ

ති. ආකාශස්ථ, අහසෙහි පිහිටි, ගුවනෙහි රැඳුන, ආකාශගත වස්තුව. (පි. 117)

ආකාසතල

න. සඳැල්ල, සඳලුතලය, අහස්තලය, උඩුමහල්තලය. (පි. 117)

ආකාසති

ක්‍රි. (ආ+කාස √ භු. දිත්තියං, දීප්තියෙහි +ති) දිලිසෙයි, දැල්වෙයි. (පි. 117)

ආකාසධාතු

ඉ. අහස, අභ්‍යවකාශය, ගුවන, විනාශ නොවී පවත්නා ස්වභාවය, දැරීම. (පි. 117)

ආකාසපත්ත

න. අහස්පත, සරුංගලය. (පි. 117)

ආකාසපදීප

පු. අහසෙහි උඩ එල්ලෙන පහන. (පි. 117)

ආකාසපභාර

න. නෙරාගිය පර්‍වතයේ ගුහාව, කඳු ගුහාව, (පි. 117)

ආකාසමණ්ඩල

න. අහස්මඬුල්ල, ආකාශ කසිනය වඩන යොගාවචරයාට ප්‍රතිභාග නිමිත්ත වැටහෙන පිළිවෙළ. (පි. 117)

ආකාසයාන

න. අහසින් යන යානාව, අහස්නැව, අහස්යාත්‍රාව. (පි. 117)

ආකාසසලිල

න. අහස්දිය, වැසිජලය, (පි. 117)

ආකාසානඤ්චායතන

න. රූපය නැති විසිදහසක් කපට ආයු ඇති හිත පමණක් පවත්නා පළමුවන අරුපාවචර බඹලොව, රූපය කෙරෙහි කලකිරී එයින් පහවීම පිණිස මෙම බඹලොව ඉපදීම සඳහා පැමිණෙන ආකාසානඤ්චායතන සමාපත්තිය, අෂ්ටසමාපත්තීන්ගෙන් හා සිවුවැදෑරුම් අරූපභූමින්ගෙන් එකක්, ප්‍රථමාරූප්‍ය චිත්තය, “එරණ වසෙන නත්ථි එතස්ස අන්තොති අනන්තො, ආකාසො අනන්තො-ආකාසානන්තො, කසිණුග්ඝාටිමාකාසො. ආකාසානන්තො යෙව = ආකාසානඤ්චං. තං, ආකාසානඤ්චං අධිට්ඨානට්ඨෙන ආයතනමස්ස සම්පයුත්තධම්මස්ස ඣානස්ස දෙවානං දෙවායතන මිවාති = ආකාසානඤ්චායතනං (පටිසම්භිදා අට්ඨකථා.) (පි. 117)

ආකාසානඤ්චායතනසමාධි

ඉ. ආකාසානඤ්චායතනයෙහි ඉපදීම පිණිස වඩනා සමාධිය, “සමාධි” බලනු. (පි. 118)

ආකාසානඤ්චායතනසමාපත්ති

ඉ. ආකාසානඤ්චායතන ධ්‍යානයට සමවැදීම, ආකාසානඤ්චායතන මෙව සමාපත්ති, ආකාසානඤ්චායතන සමාපත්ති. (පි. 117)

ආකාසානඤ්ව

න. ආකාසය අනන්තයයි වැඩීම, (පි. 117)

ආකාසානන්ත

පු. කෙළවරක් නැති අහස, කිසුණු ඉඟුළු අහස, එනම්:- කසිණ ආලෝකය යම්තැනෙක පතුරුවනලදද, ඒ ආලෝකය ඉවත්වූ කල ලැබෙන අහසයි. (පි. 117)

ආකිඤ්චඤ්ඤ

න. අකිඤ්චනය, කිසිවක් නැති බව. (පි. 118)