සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 162
ආකිඤ්චඤ්ඤායතන
න. රූපය නොමැතිව හිත පමණක් පවතින සැට දහසක් කපට ආයු ඇති තුන්වන අරූපාවචර බ්රහ්ම ලෝකය, විඤ්ඤාණඤ්චායතනයාගේ දොස් දැක ආකිඤ්චඤ්ඤායතනය විඤ්ඤාණඤ්චායතනයට වඩා ශාන්ත යයි ගෙන ඒ විඤ්ඤාණයෙන් පහවීමට පැමිණෙන සමාපත්තිය, අෂ්ට සමාපත්තීන්ගෙන් හා සිව් වැදෑරුම් අරූප භූමින්ගෙන් එකක්. “ආකිඤ්චනස්සභාවො ආකිඤ්චඤ්ඤං, ආකාසානඤ්චායතන විඤ්ඤාණාපගමස්සෙ තං අධි වචනං.” (පි. 118)
ආකිණ්ණ
ති. (ආ+ √ කිර+ත = ඉණ්ණ) ආකීර්ණ, ගැවසීගත්, හැණීගත්, පැතිරගිය. (පි. 118)
ආකිණ්ණපරිකිණ්ණ
ති. ගැවසීගත්, විශේෂයෙන් ගැවසීගත්. (පි. 118)
ආකිණ්ණමනුස්ස
ති. මිනිසුන්ගෙන් ගැවසුනු. “තෙන ඛො පන සමයෙන වෙසාලී ඉද්ධා ථිතා - බහුජන ආකිණ්ණ මනුස්සා සුභික්ඛා ච හොන්ති.” (පි. 118)
ආකිණ්ණවිපුල
ති. විපුල භාවයෙන් ගැවසී ගත්. (පි. 118)
ආකිණ්ණවිහාර
ති. හැසී ගැවසී විසීම, ආකිර්ණව විසීම. (පි. 118)
ආකිරති
ක්රි. (ආ+කිර √ තු. විකිරණෙ, විසිරීමෙහි +ති) විසුරුවයි, ඉසියි. (පි. 118)
ආකිරිතත්ත
න. ඉසීම් බව, විසිරීම් භාවය. (පි. 118)
ආකිරිත්වා
පු.ක්රි. හලා, විසුරුවා, වත්කොට. (පි. 118)
ආකුඤ්චන
න. ඇකිලීම, වකුටු කිරීම, නැමීම. (පි. 118)
ආකුඤ්චිත
ති. අකුලන ලද, වකුටු කළ. (පි. 118)
ආකුමාර
පු. කුමරු දක්වා, කුමාර කාලය දක්වා. (පි. 118)
ආකුල
න. අවුල, පටලැවිල්ල, එකඟ නොවීම, එකට ගැටෙන. (පි. 118)
ආකුලනීය
ති. අවුල් විය යුතු, එකඟ නොවිය යුතු. (පි. 118)
ආකුලසමාකුල
න. අවුල් වියවුල් වූ, විශේෂයෙන් අවුල් වූ. (පි. 118)
ආකුලාකුල
න. (ආකුල+ආකුල) අවුලෙන් අවුලට පත් වූ, අතිශයින් අවුල් වූ. (පි. 118)
ආකුලී
පු. ආකුල භාවය, අවුල් බව. (පි. 118)
ආකොටන
න. (ආ+කුට √ +යූ = අන) කෙටීම, තැළීම, පොඩි කිරීම, ඇපිල්ලීම මැදීම, පහරදීම. (පි. 118)
ආකොටිත
ති. (ආ+කුට √ +ඉ+ත) කොටන ලද, පොඩිකළ, ඇපිල්ලූ. (පි. 118)
ආකොටිතපච්චාකොටිත
ති. හැම අතින්ම කෙටූ, සර්වප්රකාරයෙන්ම පොඩිකළ. (පි. 118)
ආකොටෙති
ක්රි. (ආ+කුට √ භු. ජෙදෙ, සිඳීමෙහි +ති) කොටයි, සිඳියි, අපුල්ලයි, හිඳුවයි, ගසයි. (පි. 118)
ආකොටෙසි
ක්රි. (ආ+කුට √ භු. ජෙදෙ, සිඳීමෙහි +සි) පහර දුන්නේය. ගැසුවේය, “උක්කාසිත්වා අග්ගලං ආකොටෙසි.” (පි. 118)
ආඛණ්ඩල
පු. ශක්රයා, ශක්රදෙවෙන්ද්රයා, සක්දෙව්රජ. (පි. 118)