සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 163
ආඛ්යා
ඉ. සංඥාව, නාමය, නම, කථනය, අභිධානය. (පි. 118)
ආඛ්යාත
ති. කියන ලද, ප්රකාශ කළ, ආඛ්යාත පද, “යං නිකාලං තිපුරිසං ක්රියවාචි තිකාරකං, අත්තිලිඬ්ගං ද්විවචනං තදාඛ්යාතන්ති වුච්චති.” (පි. 118)
ආඛ්යාතික
පු. (ආඛ්යාත+ඉක) ආඛ්යාතයට අයත්, අවසාන ක්රියා කොටසට අයත්. (පි. 118)
ආඛ්යායිකා
ඉ. දන්නා ලද අර්ථ ඇති කථාව, දන්නා ලද වෘත්ති අථි ඇති වාසවදත්තාදි ගද්ය පද්ය ප්රබන්ධ විශේෂයක්, කථානායකයා විසින් තමන්ම කියන ලද වෘත්තාන්තය. (පි. 118)
ආඛු
පු. මීයා, මූෂිකයා. (පි. 118)
ආඛුපණ්ණි
ඉ. මීනුග, මීකන්පලා. (පි. 118)
ආඛුපාසාණ
පු. කාන්දම් ගල, සුදු පාසානම්. (පි. 118)
ආඛුභුජ
පු. මීයන් කන්නා, බළලා. (පි. 118)
ආග
ක්රි. ආවේය යන අර්ථ ඇති අතීත ක්රියාවක්. (පි. 119)
ආගච්ජති
ක්රි. (ආ+ගමු √ භු. ගතියං) යාමෙහි +ච්ජ+ති) එයි. ආගමනය කරයි, පැමිණෙයි. (පි. 119)
ආගච්ජන්ත
ති. එමින්, එන. (පි. 119)
ආගඤ්ජි
ක්රි. (ආ+ගමු √ භු. ගතියං, යෑමෙහි +ච්ජ+ඤ්ජාදේශය.) ආවේය, පැමිණියේය. (පි. 119)
ආගත
ති. පැමිණි, අවබෝධකළ, දැනගත්. “ආගතො ඛො මහාසමණො මගධානං ගිරිබ්බජං.” (පි. 119)
ආගතපටිපාටි
ඉ. ආ පිළිවෙළ, පැමිණි ක්රමය, වැඩිමහලු පිළිවෙළ, වැසිකිළි - කෙසකිළි - නහන තොට යන තැන්හි වැඩිමහලු පිළිවෙළ නොව පැමිණි පිළිවෙළ ම ගනු ලැබේ, “ආගත පටිපාටියාති වච්චකුටියං පස්සාවට්ඨානෙ නහාන තිත්ථෙති තීසුපි ආගත පටිපාටියොව පමාණං.” (පි. 119)
ආගතපුබ්බ
න. පැමිණි, ආවිරූ. (පි. 119)
ආගතඵල
ති. පැමිණි මග පල ඇති, සෝවාන් ඵලය අවබෝධ කළ, “ආගත ඵලං අස්සාති = ආගතඵලා, පටිලද්ධ සොතාපත්ති ඵලාති අත්ථො.” (පි. 119)
ආගතභාර
න. තමන් විසින් ඉසිලිය යුතු බර, ආගත භාරය, පැමිණි බර, ස්ථවිර භික්ෂුවක් විසින් කළයුතු දැය, (පි. 119)
ආගතභාව
පු. ආ බව, පැමිණි බව. (පි. 119)
ආගතමග්ගාභිමුඛ
ක්රි. වි. ආ මගට අභිමුඛ කොට. (පි. 119)
ආගතහව
පු. ආ භවය, පැමිණි භවය. (පි. 119)
ආගතාගත
ති. (ආගත+ආගත) ආ ආ, පැමිණි පැමිණි. (පි. 119)
ආගතාගම
පු. අධිගත බැවින් ආ ආගම ඇත්තේ, “තත්ථ අඤ්ඤො භික්ඛු ආගච්ඡති බහුස්සුතො ආගතාගමො.” (පි. 119)
ආගතානාගත
ති. පැමිණි නොපැමිණි, දැනගත් නොගත්. “තෙනහි ත්වං ගහපති ජෙතවනං ආගතානාගතස්ස චාතුද්දිසස්ස සඬ්ඝස්ස පතිට්ඨාපෙහි.” (පි. 119)
ආගද
න. වචනය, කථාව. (පි. 119)
ආගන්ත්වා(න)
පු.ක්රි. අවුත්, පැමිණ, ඇවිත්. (පි. 119)