සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 164

ආගන්තු

පු. අවස්ථාව, අමුතුවෙන් පැමිණෙන්නා. (පි. 119)

ආගන්තුං

ක්‍රි. වි. එන්ට, පැමිණෙන්නට. (පි. 119)

ආගන්තුක(ග)

පු. ආගන්තුකයා, අමුත්තා, අතිථියා. (පි. 119)

ආගන්තුකභත්ත

න. අමුත්තන්ට දෙන බත, අතිථි බත, ආගන්තුක භික්ෂුන්ට දෙන දානය, මේ සඳහා විශාඛා මහා උපාසිකාව ලැබූ වර අටෙන් එකක්, “ඉච්ඡා මහං භන්තෙ, සඞ්ඝස්ස යාවජීවං ආගන්තුක භත්තං දාතුං.” (පි. 119)

ආගන්තුකවත්ත

න. වෙහෙරට අමුතුවෙන් පැමිණෙන භික්ෂූන් විසින් කළයුතු වත් - සිරිත් විරිත්, වස් විසීමේදී ආගන්තුක භික්ෂූන් විසින් පිළිපැදිය යුතු වත්, ආවාසික භික්ෂූන් විසින් ආගන්තුක භික්ෂූන්ට කළයුතු වතාවත්. (පි. 119)

ආගන්තුකසඞ්ගහ

න. අමුතුවෙන් පැමිණියවුන්ට කළ යුතු සංග්‍රහ, එබඳු භික්ෂූන්ට කළයුතු සංග්‍රහ - පා සේදීම්, තෙල් ගැලවීම් ආදිය. (පි. 119)

ආගන්තුකසත්කාර

න. අමුතුවෙන් පැමිණි අයට කරන සත්කාර, එබඳු භික්ෂූන්ට කරන සත්කාර. (පි. 119)

ආගම

පු. ධර්‍මය, ශාසනය, දේශනාව, පැමිණීම, අවබෝධය, දික්සඟිය ආදී නිකාය පස, බලාපොරොත්තුව, උපදේශය, වර්‍ණයක්හුගේ අමුතුවෙන් පැමිණීම. “ආගමෙ ජුණ්හෙ පවාරෙය්‍යාම” ආගම යනු මෙහි මතු පැමිණෙන යන අර්ථයි. (පි. 119)

ආගම - අධිගම

පු. බුද්ධවචනය හා ලොකොත්තර ධර්‍මය. (පි. 119)

ආගමන

න. ඊම, ඒම, පැමිණීම, ඉදිරියට ඒම. (පි. 119)

ආගමනපටිපදා

ඉ. නිවන් අවබෝධය පිණිස පළමුවෙන් කළයුතු පිළිවෙත. (පි. 120)

ආගමනමග්ග

පු. පැමිණීමේ මාර්‍ගය, පෙරලා එන මග, එන මග. (පි. 119)

ආගමනසද්ධා

ඉ. බෝසත්වරුන්ගේ ශ්‍රද්ධාව, අභිනීහාරයෙහි පටන් ආ බැවින් බෝසත්වරුන්ට අයිති ශ්‍රද්ධාව. (පි. 120)

ආගමයති

ක්‍රි. (අ+ගමු √ මු. ඊසං අධිවාසෙ, මදක් ඉවසීමෙහි ණ+ය+ති) බලාපොරොත්තුවෙයි. (පි. 120)

ආගමවිරොධි

පු. ත්‍රිපිටක පර්‍ය්‍යාප්තියට විරුද්ධ බාහිර ශ්‍රැති හා ධර්‍මසංහිතා. (පි. 120)

ආගමසද්ධම්ම

පු. මගපල හා නිවන, මාර්‍ග ඵල හා නිර්‍වාණය, ත්‍රිපිටක ධර්‍මය, බුද්ධ වචනය. (පි. 120)

ආගම්ම

පු.ක්‍රි. (ආ+ගමු √ +ත්වා = ම්ම. ධාත්වන්ත ලෝපය) අවුත්, පැමිණ. “යං භික්ඛවෙ පුග්ගලං ආගම්ම වදාමි.” (පි. 119)

ආගමා

ක්‍රි. ගියේය යන අර්ථයක් ඇති අතීත ක්‍රියාවක්. (පි. 120)

ආගමික

පු. ආගමයට අයත්, අනාගත කාලය. (පි. 120)

ආගමී

පු. එක් පදයක අන්තයද අනික් පදයේ ආදියද ආගමයට ස්ථානවනුයේ ආගමි නම්වේ. (පි. 120)

ආගමෙති

ක්‍රි. ආගමයති බලනු. (පි. 120)

ආගමෙහි

ක්‍රි. (අ+ගමු+ √ +එ+හි) බලාපොරොත්තු වෙව, ඉවසව, “ආගමෙහි ත්වං සාරිපුත්ත.” (පි. 120)

ආගාමික

පු. අනාගත කාලය, මතු පැමිණෙන. (පි. 120)

ආගාමිතා

ඉ. මතු පැමිණෙන බව. (පි. 120)