සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 165
ආගාමී
පු. (ආ+ගමු. √ +ණී) මත්තෙහි පැමිණෙන, එන, මතු පැමිණෙන තැනැත්තා, නැවත එන අය. (පි. 120)
ආගාර
න. ගෙට අයිති, ගිහිගෙය පිළිබඳ. (පි. 120)
ආගාරක
ති. ගෙහිවූ, ගෙට අයිතිවූ. (පි. 120)
ආගාරපටිපදා
ඉ. ගිහියන් විසින් පිළිපැදිය යුතු ප්රතිපදාව, ගිහි පිළිවෙත. (පි. 120)
ආගාරික
ති. ගිහිගෙහි වැසි, ගිහි, “මයං ඛො භන්තෙ ආගාරිකා.” (පි. 120)
ආගාළ්හ
ති. දැඩි, කුරිරු, රළු, තද, (පි. 120)
ආගාළ්හපටිපදා
ඉ. දුෂ්කර වූ පිළිපැදීම ඇති ප්රතිපදාව, ගාඪප්රතිපත්තිය, කර්කශ ප්රතිපදාව, දැඩි පිළිවෙත. (පි. 120)
ආගිලායති
ක්රි. (ආ+ගල √ දි. හාසක්ඛයෙ, සතුට නැසීමෙහි +ය+ති) රිදෙයි, ගිලන් වෙයි, රුජා කෙරෙයි. “පිට්ඨං මෙ ආගිලායති.” (පි. 120)
ආගු
ක්රි. “ආහ” යන අර්ථ ඇති අතීත ක්රියාවක්.
න. පාපය, අපරාධය, අපරාධකරු, පව් කරන්නා.
ඉ. ප්රතිඥාව, පොරොන්දුව. (පි. 120)
ආගුචාරී
පු. පව්කාරයා, පහත්ලෙස හැසිරෙන්නා, නීච හැසුරුම් ඇත්තා, සොරා, අපරාධ කාරයා, “ආගුචාරිං” චොරං ගහෙත්වා. (පි. 120)
ආඝටිත
ති. ගලපනලද, ඈඳන ලද. (පි. 120)
ආඝාත
පු. වෛරය, කෝපය, වධය, වධක ස්ථානය, විනාශය, නැසීම, “ආඝාතං බන්ධති.” (පි. 120)
ආඝාතන
න. වධකස්ථානය, සතුන් මරණ තැන, දම්ගෙඩිය, “ආඝාතනත්ති ධම්ම ගණ්ඩිකං වුච්චති.” (පි. 120)
ආඝාතනනිස්සිත
න. වධකස්ථාන ඇසුරුකළ පෙදෙස. (පි. 120)
ආඝාතපටිවිනය
න. ක්රෝධය නැසීම්, කෝපය ඉවත් කරගැනීම. (පි. 120)
ආඝාතවත්ථු
න. ආඝාතයට කරුණු, වෛර බැඳීමට හේතුවන කරුණු, අනත්ථං මෙ අචරි, චරති, චරිස්සතීති යනාදීන් දැක්වෙන නව ආඝාත වස්තුව, අස්ථාන කෝපයත් සමග දස ආඝාත වස්තුවෙක් වෙයි. (පි. 120)
ආඝාතිත
පු. ක්රෝධයෙන් ගසන ලද, මරණ ලද, පහරණ ලද, ආඝාත බඳනා ලද, (පි. 120)
ආඝාතුක
පු. (ආ+හන √ = ඝාත+ණුක) නසන්නා. (පි. 120)
ආඝාතෙති
ක්රි. (ආ+හන √ චු. ඝාතනෙ නැසීමෙහි +ණෙ+ති) නසයි, මරයි. (පි. 120)
ආච
පු. නඛරඤ්ජනී යයි ව්යවහෘත මරිතොණ්ඩු ගස. (පි. 120)
ආචමති
ක්රි. (ආ+චමු √ භු. සොධනෙ. පිරිසිදු කිරීමෙහි +ති) සෝදයි, පිරිසිදු කරයි. (පි. 121)
ආචමන
න. සේදීම, ජලයෙන් අත් පා මුව ආදිය සේදීම, වැසිකිළි කොට වර්චස් සේදීම, “ආචාමනන්ති උදකෙන මුඛ සුද්ධී කරණං.” (පි. 121)
ආචමනඋදක
න. වැසිකිළියෙහි පරිභොග ජලය, “ආචමනඋදකාවසෙසං භාජනෙ ඨපෙත්වා.” (පි. 121)
ආචමනකුම්භී
ඉ. වැසිකිළියේ අත්පා සේදීම් ආදියට වතුර ගන්නා කළගෙඩිය හෙවත් භාජනය, “සචෙ ආචමනකුම්භියං උදකං න. හොති.” (පි. 121)